හායි ලමයිනේ... ගොඩ කාලෙකින්.. ඇත්තටම අවුරුද්දකුයි මාස ගානෙකිනුයි වට්පෑඩ් එකේ කතා ලිව්වේ නෑ.. ලියපු පොත් ඔන්හෝල්ඩ් කරලා තියෙන්නේ...
දෙයක් ලබාගන්න අපි තව දෙයක් කැප කරන්න ඕනේ!! අනිවාර්යයෙන්ම !!
මං ඔයාලට කියන්න ආවේ ගොඩාක් ස්කූල් යන අක්කලා නංගිලා තමා මේ ඇප් එක යූස් කරන්නේ.. සමහර අය ජොබ්ස් වලට යන අක්කලත් ඇති.. යුනි යන අය එහෙම...
මං ඉස්සෙල්ලම කියන්නම් ස්කූල් යන ඒලේවල් අය ඉන්නවා නම් වට්පෑඩ් අයින් කරලම දාන්න.. දැන් අහයි ඇයි ඔයා අයින් කරන්නේ නැත්තේ කියලා මේ ෆෝන් එක තාත්තා ගේ ඒක අල්ලන්නේ මං ක්ලාස් වලට ෆීස් ගෙවද්දී විතරයි.
හරී ඉස්සෙල්ලම මං කතාවට එන්නම් කෝ... ඔයාලට පාඩම් කරන්න ඕන වුනහම ඔයාට කිසිම මෝටිවේශන් එකක් නෑ කියලා ඔයාලා යූටූබ් එකේ මෝටිවේශන් වීඩියෝ බලන්න ගිහින් අන්තිමට පැය ගානක් YT Shorts බලලා නැත්තම් ඔය එක එක පොලොව යට ගේවල් හදන වීඩියෝ කොටින්ම කිව්වොත් වල් පල් බල බල ඉදියි...අපිට මෝටිවේශන් ඕන තමා.. හොදම මෝටිවේශන් එක තමා දවසක ඔයාලගේ රිසාල්ට් එන දවසට අම්මලා තාත්තලා සතුටු වෙන විදිහ මවාගන්න..
පාඩම් කරන්න කලින් ගොඩක් අය කියනවා පොත් මේසේ හොදට අස් කරලා තියාගන්න කියලා.. ඔව් ඒක ගොඩක් වැදගත් දෙයක්.. මොකද පොත් මේසේ දැක්කම මනසට සැහැල්ලුවක් දැනෙනවා... මාත් උත්සහ කරනවා පොත් මේසේ හැමදාම පිලිවෙලට තියාගන්න.. ඒත් හීහී 😁 වෙලාවක් නෑ ඇත්තටම...
ඔය තියෙන්නේ මගේ මේසේ.. විච්චූරණ දේවල් නම් නෑ ඉතිම් .. මම ටෙලිග්‍රෑම් එකේ රෑට ගොඩක් වෙලාවට ක්ලාස් වලින් තියෙන Study Session වලට Join වෙනවා..