🤍

64 6 8
                                    

අදත් රෙදිමෝල වත්තට තවත් එක සාමාන්‍ය දවසක් වුනා...එදා දවසින් පස්සෙ මේ දවස් දෙකේම මන් මග බැලුවා මගෙ සුදු රෝසමලව ආයෙ දකින්න...ඒත් ඒ ඒකි තියා ඒකිගෙ හෙවනැල්ලක්වත් මට බලාගන්න හම්බුන්නෑ...ඒකිගෙ සිහියෙන් පැඳුර උඩට වෙලා උඩ ටකරම් වහලෙ දිහාම බලාගෙන හිටපු හීන ලෝකෙන් මිදුනේ සත්තාගේ ටකරම් කටහඬට මූනම් මහ සාපයක්..සැහ්

" මොකද බල්ලො කෑගහන්නෙ!! "

" කෑගහන්න නෙමේ මට උඹේ බෙල්ල මිරිකන්න හිතෙන්නෙ !!"

"තොට මේ උදේම මොන යකෙක් වැහිලද යකෝ " මන් නැගිට්ටින්නැතුවම මුට ලඟ තිබ්බ කොට්ටෙන් ගහලා කෑගැහුවේ මූ ඒ කොට්ටෙම අහුලගෙන ආපහු මටම දමලා ගැහුවේ මන් හයියෙන් හිනා වෙනකොට..

" මට නෙමේ තොට තමා යකෙක් වැහිලා ඉන්නෙ නිකන් යකෙක් නෙමෙයි මදන යකෙක් !! "

" අනේ නිකන් පල යන්න " කට කොනට හිනාවක් දාලාම මන් කිව්වෙ මුට මැද ඇඟිල්ලත් පෙන්නලා

" තොට මන් කිව්ව කියලා හිතාගනින්...නැගිටපන් බූරුවෝ අපි බඩගින්නෙ ඉන්නද මෙහෙම ඉඳලා "

" ශිට් තොගෙනුත් මහ පුදුම වදයක් තියෙන්නෙ යමන් ඉතින් "

" මෝඩ යකා "

....................................

බස් එකේ හිටපු දෙතුන් දෙනෙක්ගෙම සාක්කු වලට වැඩේ දීලා අපි ආපහු ගෙදර එන ගමන් හිටියේ

" අදනම් මරු බන් අපිට සරුයි " මූ බලකෝ මුගෙ මූනේ හිනාව එකයි..හහ් කාලෙකට පස්සෙ අතට ටිකක් ලොකු ගානක් ආපු නිසාද කොහෙද...මන් කලේ මුකුත් නොකියම හිනා උන එක..කොච්චර අමතක කරන්න හැදුවත් මට මතක් වෙන්නෙම රෝසමලව...පාලම පහු කරනවත් එක්කම මන් නැවතුනේ සත්තට ගෙදර යන්න කියන ගමන්...ඒකරලා පාලමේ බැම්ම උඩින් ඉඳගත්තේ සාක්කුවෙන් එලියට ගත්ත සිගරට් එකක් පත්තු කරලා කටේ ගහගෙන..සිගරට් එකේ දුම නිදහසේ වාතලයට පාකරලා ඇස් වහගෙනත් මතක් කලේම ඒ රෝස පාට කම්මුල් එක්ක තද කලු ඇස් දිලිසුන විදිය

" තමුසෙ මාව පිස්සෙක් කරලා කෙල්ලෙ "

මූනේ ඇඳුන හිනාවෙන්ම මන් හිස් අහස දිහා බලාගෙනම මුමිනුවේ ඒ ලස්සන හිනාව ආයෙ ආයෙ මතක් වෙනකොට සිගරට් එක කටේ ගහගෙන ඔහේ බැම්ම උඩට වෙලා හිටපු ඇස් හීනි කරලා බැලුවේ ඈතින් එනවා පේන කෙල්ලව දැකලා හදවතම සතුටෙන් පිරිලා ගියා ඒ රූපේ දැක්කම දඩි බිඩි ගාලා බැම්මෙන් බිමට පැනලා අතේ තිබ්බ සිගරට් එක විසික් කරලා දැම්මේ වටේ තිබ්බ දුමත් අතෙන් ගසලා ගසලා දාලා....අතේ තියෙන කේන් එකත් එහෙ මෙහෙ කරන ගමන් කෙල්ල නිකන් හරියට බෝනික්කෙක් වගේ..ලෝබ හිතෙනවා බන් උබව දැක්කම ඉස්සරහට තිබ්බ අඩිය ආයෙමත් පිටිපස්සට ගත්තේ උබට ලන් වෙන්න තරම් මේ කාලකන්නියට ඉඩක් නැති නිසා...ඈතින් ඉඳන් උබ දිහා බලාගෙන ඉන්නම් බන්..මන් වගේ එකෙක්ට උබ වගේ රෝස මලක් අයිති වෙන්නෑ..අඩුම මන් වගේ එකෙක්ගෙ හුස්මක්වත් වදින්න ඕන නෑ උබ වගේ රෝස මලකට..එහෙන්මම ටිකක් පස්සට වෙලා බලාගෙන හිටියා මන් මන් ගාවින් යනකන්ම...ඔය සුවඳ පවා මාව පිස්සෙක් කරනවා බන් අල්ලගෙන බදාගන්න හිතෙනවා මේ දවස් දෙකට මන් කොච්චර නම් හෙව්වද උබව...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 17, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

" සුදු රෝස " Where stories live. Discover now