" පුංචි බේබී.... නැගිටින්න.... ඉස්කෝලෙ යන්න පරක්කු වෙනවා... "
" අනේ අජුම්මා තව විනාඩි පහයි... "
" මොන විනාඩි පහක්ද පොඩි බේබි. දැනටම හතට කාලයි වෙලාව... අනික දැන් ලොකු බේබි ආවොත් අදත් සීතල වතුර නාගන්න තමයි වෙන්නෙ උදේ පාන්දර .... "
මේ තමා උදේට කිම් ගෙදර ඇහෙන සාමාන්ය කතාබහ... අජුම්මා වෙනදා වගේම ටේහ්යුන්ව නැගිට්ටවන්න කාමරේට ගියත් ටේහ්යුන් පස්සත් උඩ දාන් හොදට නිදි...
" මේ ළමයා නම්... කවදා හැදෙයිද මංදා... "
අජුම්මා ටෙහ්යුන්ගෙ ඇඟෙන් අයින් කරපු බෙඩ්ශීට් එක ආයෙමත් ටේහ්යුන්ගෙ ඇගට දානගමන් තමන්ටම කියාගත්තා... අජුම්මා එහෙම කිව්වෙ මොකද දන්නවද....ටේහ්යුන් හැමදාම රෑට නිදාගනෙ බොක්සර් එක පිටින්.... පොඩිකාලේ ඉදන්ම එහෙමයි...
ටේහ්යුන්ට ස්කෝලෙ යන්න හොදටම පරක්කුත් වෙලා.. ඒත් එයාට නම් ගානක්වත් නෑ... හැබැයි ඉතිම් අජුම්මා නම්ජූන්ගෙ නම කිව්වා විතරයි ටේහ්යුන් දඩබඩ ගාලානැගිටලා බාතෲම් එක අස්සට පැනගත්තා... මොක්කද ටේහ්යුන් නැගිටින්න පරක්කු උනොත් නම්ජූන් සීතර වතුර එකක් ගෙනල්ලා ටේහ්යුන්ගෙ ඇගට හලනවා... ඉතිම් උදේ පාන්දර සීතල වතුර ඇලජික් ටේහ්යුන් ඉක්මනට බාතෲම් එකට ගිහින් දොරවහගත්තා....
ඊටපස්සෙ ටේහ්යුන් දත් මැදලා හොට් වෝටර් වලින් නාලා බාත්රොබ් එකත් ඇදගෙන කාමරේට ආවා... එතකොට අජුම්මා එයාගෙ ස්කූල් යුනිෆෝම් ටිකත් ගානට ඇඳ උඩින් තියලා ගිහින් තිබ්බා....
අජුම්මා පිළිවෙලට තියපු යුනිෆෝම් එක ඇඳගත්ත ටේහ්යුන් කණ්නාඩිය ඉස්සරහට ගිහින් එයාගෙ සැර පර්ෆියුම් එකත් ඇගට ගහගෙන කොණ්ඩෙත් උස්සලා පීරගෙන හරි ආඩම්බරෙන් කණ්ණාඩියෙන් පේන එයාගෙ රූපෙ දිහා බලන් හිටියා...
" ම්ම් කොල්ලගෙ හැඩ... "
ටේහ්යුන් එයාටම කියාගත්තා... ස්කූල් බෑග් එකත් එල්ලන් පහළට දුවගෙන ආවා...