chapter 03

327 29 0
                                    

2023 feb 18

රාත්‍රියට අහස හරි ලස්සනයිලු....අහස උසට ඉදිවෙලා තියන ගොඩනැගිලි වල වගේම පුංචි පුංචි කඩකාමර වලින් ද දිස්වෙන ඒ කුඩා එළිය රාත්‍රී නගරය ලස්සන කරනවා....එක තරුවක් නැතත් දිලිසෙන්න , තැනින් තැනින් එන ලේසර් ලයිට්ස් ද අහස ලස්සන කරනවා....
පුංචි පුංචි ආලෝකයන් එකතු වෙලා මුලු නගරයක්ම ආලෝකමත් කරනවා....කිසි ලෝබකමක් නැතුව....
ඒත්,
මේ නගරය ඇතුළේම කොච්චර ජීවිත ඇත්ද, අදුරෙන් එලියට එන්න බැරුව ලතැවෙන....

Breaking News

අද රාත්‍රී අටට පමණ යැන් නම්
සමාජශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුවී
ඇත....
වාර්තාවෙන පරිදි මෙම වෙඩිතැබීම
පාතාල කල්ලි දෙකක් අතර සිදුවී ඇති අතර
මෙයින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇත....
ඒ අතර පතාල කල්ලි සමාජිකයින්ට අමතරව
පාසල් යන වයසෙහි පසු වූ පිරිමි ළමුන් දෙදෙනෙක් සහ XXX විශ්වවිද්‍යාලයේ සිසුවියක් ද , XXX ජාතික විශ්වවිද්‍යාල රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්ද වෙති....


වෙලාව රාත්‍රී 11.40 යි....

මුලු නගරයම කලබලකාරීයි....
මිනිස්සු එහේ මෙහේ දුවන්නේ පිස්සු බල්ලො වගෙ....
ඔවුන් දෙයක් ඉල්ලනවා...
කාගෙන්ද?
රජයෙන්....
මොකක්ද?
කිසිම වැරැද්දක් නැතිව නිරපරාදේ මැරිල ගිය අහිංසක ජීවිත හතරක් වෙනුවෙන් සාධාරණයක්....
ඔවුන් ඉල්ලන්නෙ සාධාරණයක්....
හැමදාම වගෙ අදත් මිනිස්සු කුපිත වෙලා....
නෑ....
කුපිත කරවලා කිව්ව නම් හරි....
සමාවෙන්න...
කුපිත වෙලා නෙවෙයි කුපිත කරවලා....
හිතාමතාම....
අදත් ඔහුගේ කෲර සැලැස්ම සාර්ථකයි....
ඒත් හැමදාටමද....

කතාවක් තියනවනේ....

සතුරාගේ සතුරා අපේ මිතුරා කියල....

___________________________________________

ENEMY MAFIA Where stories live. Discover now