පිවිසුම 🌷♡

176 25 11
                                    

හීතල ඇගිලි තුඩු ගැටෙද්දින් ඇස් ඉබේ පියවෙන ,
අමුතුම දිස්නෙකින් දිලිසෙන ලා දුඹුරු හිතුවක්කාර බැල්මක් එක්ක ,
ලා රතට හැඩවෙන හීනි තොල් එක්ක ,
උබ නම් මහ අමුතුම කැටයමක් ඇප්‍රොඩයිටිගෙ අතින් නොහිතා මැවුන ..

ඕනෑවටත් වඩා උබෙ ඔය පරිස්සම
ඒ වුනත් කිසි රොමෑන්ටික් කමක් නෑ මං මටම කියනවා හැමදාම ,
ඒ වුනත් අවාරෙ හද දකින්නා වගෙ කලාතුරකින් මතුවෙන ඔය හිනාව ,
වෙලාවකට මතක් කරවන්නෙම සුදු රෝස මලක් මට ~

කොල්ලෙක්ටත් වඩා නපුරුයිලු ,
වැඩයි බැල්මයි ඔක්කොම කොහොමත් කොල්ලෙක් වගේමලු ,
හැබැයි මේ ඔක්කොම අස්සෙ එකක් නම් කිව්වහැකි හරියටම ,
අධිමාත්‍රාව හොද නැහැයි කිව්වට ,
උබ තමා මගෙ කැෆේන් ..මං වැඩි වැඩියෙනුත් ඇබ්බැහි වෙන 🤍🌙

මං වැඩි වැඩියෙනුත් ඇබ්බැහි වෙන 🤍🌙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මධ්‍යමාලා || අසම්මත පලහිලව් (GL )Where stories live. Discover now