අවුරුද්දකට කලින් 🌷

101 17 17
                                    

එයා හිටියෙ මගෙ මූණට අගල් දෙක තුනක් එහයින් වගේ.එයාගෙ හීනි සෝස පාට තොල් ටිකින් ටික මගෙ මූණට කිට්ටු වෙද්දි..අනේ දෙයියනේ අවුරුදු ගානක් බලන් හිටිය මොහොත නේත මේ එන්න හදන්නෙ ..අයියො කඩවුලේ මට අද ලිප්ස්ටික් එක ගාන්නත් බැරි උනා ..එයා හිමින් හිමින් මගෙ තොල් වලට ලං වෙලා කිස් කරන්න යද්දිම ...

" චූටි නැගිටිනවා ඉස්කෝලෙ යන්න පරක්කු වෙයි "

ශික් විතරක්..හරි ආසාවෙන්ගන්න හිටිය කිස් එක නේද අපේ පොඩි එකා මේ කඩාකප්පල් කරලා දැම්මේ..කවදාවත් මට ඔය හීනෙන් පේන කොල්ලාගෙන් කිස් එකක් ගන්න හම්බෙන්නෙම නෑ..හරියට නිකන් වරද්ට කවදාවත් රද්‍ය එක්ක තරු බලන්න යන්න හම්බෙන්නෑ වගේ..වරද් අයියෙ අපි දෙන්නම එකම බෝට්ටුවෙ..

අමාරුවෙන් ඇදෙන් නැගිටගෙන හිරි ඇර ඇර කුස්සියට එද්දිම මං දැක්කෙ හැමදාම දකින සුපුරුදු දර්ශනේ..අපේ පොඩි එකා උගෙ සෝස පාට අන්ඩර්වෙයාර් එක පිටින් බත් කනවා.හනේ ඇත්තටම මට හිතාගන්න බැරි අපේ පොඩි අයියට තියෙන්නෙ එක අන්ඩර්වෙයාර් එකයිද මංදා , බැලුවොත් ඇදන් ඉන්නෙ ඔය රෝස පාට අන්ඩර්වෙයාර් එකමනේ..මේ පාර උපන්දිනේටවත් මං ගානෙ පොරට අන්ඩර්වෙයාර් එකක් අරන් දෙන්නොනි.දෙවනිගෙන් අහලා බලන්නොනි දෙවනි පොඩීගෙ සයිස් එක දන්නවා ඇතිනෙ.

" හම්මෙ මේන් කුඩු නෝනා නැගිටලා . ඒව් බලහන් හොල්මනක් වගේ .ගිහින් මූන හෝදන් ලෑස්ති වෙයම් "
යකො මෙච්චර මේ සුදුවට කොටට බිම්මලක් වගේ ඉන්න සීදේවි කෙල්ලටනෙ මේ හොල්මන කියන්නෙ.ඇස් චෙක් කර ගනින් පගයා .කටනම් තියෙනවා මුගෙ ඝාන්ටාරෙ වගෙ ..

" එයා හොල්මන්ක්ද නැත්ද කියන එකෙන් ඔයාට වැඩක් නෑනෙ පොඩී.ගිහින් ඇදුම් ඇදගන්න .ලැජ්ජා නැත්ද අන්ඩර්වෙයා එක පිටින් ඇවිදින්නෙ .." දෙවනි ඇවිත් පොඩීගෙ ඔලුවටත් එකක් දීලා කියද්දි මට ෆුල් හැපි..ආන් මගෙ ගැලවුම්කාරයා හහ්..ආවා මෙතන මට හොල්මන ගාන්න ..

හනේ මංදා අප්පා.අද නිකන් ඇගටත් හරි නෑ නෑ වගේ දැයෙන නිසා ඉස්කෝලෙ යන්නම ඕනිද දන්නෑනෙ..සිකුරාදා දුන්නු හෝම්වර්ක් ටික කරෙත් නෑ .ගියපු ගමන් චන්ද්‍රානි මැඩම් ඇවිත් කෝ හෝම්වර්ක් කරපු කට්ටිය පොත් එලියට ගන්න කිව්වොත් තමා තරු පේන්නෙ .බැරිවෙයිද දන්නෑ අදට නිවාඩුවක් දාම්න.කොහෙද ඉතින් අපේ ගෙදර ඉන්න ලොකු එකා හිතන් ඉන්නෙ එක දවසක් ගෙදර හිටියොත් මං ඕලෙවෙල් ෆේල් වෙනවා කියලනෙ..ඒ හින්දා උගෙන් ඕවා අහලා වැඩක් නෑ.දෙවනිගෙන් අහන්නොනි

මධ්‍යමාලා || අසම්මත පලහිලව් (GL )Where stories live. Discover now