08

214 47 13
                                    

රාත්‍රී ආහාරයෙන් පසුව බංගලාවේ කාමරවල සහ සාලයේ සෝෆා වල සියල්ලන් නින්දට වැටී සිටියහ. කිසිවෙකුටත් 'මේක මගේ කාමරය' ආදී ලෙසින් වෙන් කර ගැනීමට තරම් සවියක් ශරීරස්කන්ධවල ඉතිරි වී නොතිබුණු බැවින් ඔවුන් තැන් තැන්වල නින්දට වැටුණේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු පසුව සොයා ගැනීමේ අරමුණින් යුතුවයි. 

කවුරුන් නින්දට වැටුණත් නිහින්ට නම් නින්දට වැටීම තියා නින්ද ගැන සිතීමට පවා සිතිය නොහැකි තත්වයක් ඇති වී තිබිණි. ඔහු අහේතුකවම සෝෆාව මත හිඳගෙන සයුරි නිදාගෙන සිටි ඉහළ මාලයේ ගබඩා කාමරය දෙස බලා සිටියේ යම්දෝ නොයම්දෝ යන්න පිළිබඳ දෙගිඩියාවෙන් යුතුවයි.

මධ්‍යම රාත්‍රියේ රෂ්මි අවදි වී චොකලට් කෝප්පයක් සාදා ගැනීම සඳහා පහළ මාළයට පැමිණෙද්දි ඇය දුටුවේ කහ පැහැ ලාම්පු එළියක් දල්වාගෙන අවදිව සිටි නිහින්වයි. ඔහු සයුරිගේ කාමරය දෙස බලාගෙන කෙතරම් ගැඹුරු කල්පනාවක සිටියාද යත් රෂ්මි තමා අසලින් හිඳගන්නා තුරුම ඔහුට කිසිවක් ඇසුණේ හෝ නැත.

"මොකක්ද ප්‍රශ්නේ?" රෂ්මි විමසා සිටියාය.

"ම්ම්.. සයුරි.." නිහින් අවංකවම පිළිතුරක් ලබා දුන්නේය.

රෂ්මි තමාගේ අතක් ඔහුගේ කරවටා දමා ගත්තාය. "ඇයි ගිහින් ඕක කතා කරලා ඉවරයක් නොකරන්නේ?" 

"මේ මහ රෑ?" නිහින් වික්ෂිපත්ව විමසා සිටියේය.

"ඒකි නිදිත් නෑ බං. මම මේ ‌ඒ පොඩි එකීට කිරි එකක් හදාගෙන යන්න ආවේ." රෂ්මි කට කොණකින් සිනාසුනාය. 

"මම යන්නද?" නිහින් ඇගේ කාමරය හිසින් පෙන්වා විමසා සිටියේය.

"හ්ම්ම්.. යන්න." රෂ්මි ඔහුගේ අතක් මිරිකා එතැනින් කුස්සියට පිය නැගුවේ නිහින්ට පුටුවෙන් නැගිටීමට සිතට සවිය ලබා දෙමිනි. 

ගබඩා කාමරයේ තිබූ ලී ඇඳක් මත වැතිර ගත් සයුරි බ්ලැන්කට්ටුවක් පොරවාගෙන ගුලි වී සිටියාය. නිහින් ශබ්දයක් නොනැගෙන සේ කාමරය තුළට ගොස් කාමරයේ දොර වසා දමා අගුල දැමුවේ ඇයට මුරණ්ඩු ලෙසින් පිටවී යාමට ඇති අවස්ථාව වසා දමමිනි. 

දොරේ යතුර ගන්නා ශබ්දයත් සමගින් සයුරි ඇඳ මත හිඳගත්තාය. "කවුද?" 

පාරාදීසය [gxb] | completedWhere stories live. Discover now