සලකුණ
01 කොටස
මිනිසුන් එකා දෙන්නා එහෙ මෙහෙ කලබලයෙන් දුවන පෑලියගොඩ පොලිස් ස්තානයට දිගු අඩි තියලා කාකි.ඇඳුමින් සැරසුනු අශ්වින් පැමිනුනා. එක්වරම සෑම පොලිස් නිලදාරියෙක් පාහේ පුටුවෙන් නැගිට ආචාර කරා
"ගුඩ්මෝර්නින්ග් සර්"
" මෝනින්ග්.. නඩුවට මොකද උනේ p.c"
අශ්වින් පුරුදු ගාම්භීර කටහඬින් විමසුවා
" නඩුව අපි දිනුම් සර් අවුරුදු 2 1/2කට මිනිහ ඇතුලට ගියා"
"අහ් මරු. ටිකක් හොයල බලන්න ඕකගෙ ලෝයර් සට කපටියා"
අශ්වින් කාකි හිස් වැස්ම ගලවා අතට ගන්න ගමන් මහ හඬින් අඩි තියල කැබින් එක පැත්තට යන්න හැරුනා ඒත් එක්කම අශ්වින් හිර කූඩුව දෙසට දෑස් යොමු කල
" මේ මොකද මුන් තාම මෙතන"
කම්බි කූරු අතරින් පෙනෙනෙ ඇමතිගෙ ගෝල බාලයන් දෙස බලමින් අශ්වින් විමසුවා
" ඇමතිතුමා සැරින් සැරේට කෝල් කරනව සර් එලියට දාන්න කියල "
"ඉතින් ඇයි එලියට නොදැම්මේ කෝ කෝ කට්ටියම එලියට අරගෙන එන්න බලන්න "
අශ්වින් කට කොනකින් හිනාවෙන ගමන් දොර ඇරගෙන ගිහින් ඉඳගත්තෙ කාකි හිස් වැස්ම මේසේ උඩට අතාරින ගමන්..මේසෙ උඩ තියන නාම පුවරුව අතට ගත්ත අශ්වින් නාම පුවරුව දෙසටම දෑස් හීනි කරල බැලුවා
" අපරාධ පරීක්ෂක ප්රධානී අශ්වින් ජයසුන්දර "
ඒත් එක්කම p c විරේන් දොර ඇරගෙන ඇතුලට ආවා අශ්වින් ඇස් උස්සලා විරේන් දිහා බැලුවා
" හරි සර් කට්ටියවම එලියට ගත්තා "
" ආහ් හරිද යන් එහෙනම් "
අතේ තිබුණු නාම පුවරුව ඔහේ මේසෙ උඩට අතාරින ගමන් අශ්වින් පුටුවෙන් නැගිට්ටා අශ්වින් දොර ඇරගෙන එලියට යන අතරේ අපිලිවෙලට ඔහේ වැටුනු නාම පුවරුව කලබලයෙන් හදපු විරේන් අශ්වින් පිටුපසම දිව්වා
පටු කාමරයක් තුලට ඇතුලුවුනු අශ්වින් මැදට වෙන්නට තිබුනු ලී පුටුවක් අසලට ගිහින් හිටගත්තෙ ඇමතිතුමා ගෙ ගෝල බාලයන් දිහා බලමින්