සලකුණ
02 කොටස
"අශ්වින්"
ඒ සහකාර පොලිස්පති චින්තකයි, දොර ඇරගෙන තමා දෙසම බලාගෙන ඉන්න චින්තක දෙසට අශ්වින් ආචාර කලා
" ගුඩ් මෝර්නින්ග් සර් "
" මෝර්නින්ග් අශ්වින් මොනවද මේ කරන වැඩ ..ආයෙ ඉන්ටඩික් කරයි මනුස්සයෝ"
අශ්වින් ඇස් හීනි කරල හිනා උනේ වෙන කරන්න දෙයක් නැති කමට...
"ඔන්න ඕක නවත්තලා ඉක්මන්ට එනවා මාත් එක්ක යන්න"
අශ්වින් බැටන් පොල්ල සාජන් පෙරේරා අතට දෙන ගමන් අඩියට දෙකට තමාගෙ කැබින් එක පැත්තට දිව්වා..මේසය මස තිබූ කාකි හිස් වැස්ම ගත්ත අශ්වින් සහකාර පොලිස්පති චින්තක පසුපස ඇදුනා .. චින්තක ප්රධාන දොරටුවෙන් එලි බහින අතරේ අශ්වින් මදකට නතරවුනා තමාගෙ පිටුපසින්ම පැමිණි p.c. විරේන් ලගට කිට්ටුවුනා
" මම එනකන් අරුන්ට හොඳට සලකන්න ඕනෙ හොඳේ ඇස් බැඳලම දුන්නා නම් කවුද බෙදුවේ කියල හොයාගන්න බැරිවෙයි "
කාටවත් නොඇසෙන්න විරේන්ට පැවසූ අශ්වින් දිව්වේ චින්තක නිලරතයට නගිනවා දුටුව පසුයි
නිල රතයේ පිටුපසට චින්තක ගොඩවූ පසු අශ්වින් ඉදිරියෙන් ගොඩවුනේ සාජන් නිමල් රතය ස්ටාර්ට් කරන අතරෙයි.
" අශ්වින් "
" ඔව් සර්"
" ඔයාට අලුත් කේස් එකක් ලැබිල මේ ෆයිල්ස් ටික හොඳට ස්ටඩී කරන්නකෝ"
චින්තක අශ්වින් දෙසට ෆයිල්ස් කිහිපයක් දිගු කරන ගමන් කිව්වා අතට ගත් ෆයිල්ස් කිහිපය කලබලයෙන් පෙරලපු අශ්වින් විමසිල්ලෙන් ඒ දෙසට දෑස් යොමු කලා
දිනය - 2022/07/29
අනු අංකය - 75925
පුද්ගල නාමය - එස් කේ නාමල්
මෙන්ඩිස්
වයස - 29
මරණය සිදුවූ - මීතොටමුල්ල( කුණු
ස්තානය කන්ද අසල)
මරණයේ ස්වභාවය - ඝාතනයකි
මරණ පරීක්ෂණ සටහන් :-
තද ආයුධකින් හිසට දුන් පහරින්( සතියකට වඩා පැරනි) හිසට වූ තුවාලයට ලුණු එක්කර තිබීම , වම් අතෙහි වූ එන්නත් කිරීමේ සලකුණ , අතෙහි මහපට ඇඟිලි දෙකෙහි වු තෙරපීමේ හා ඉදිමීමේ සලකුණු ( දින කිහිපයක් ඇඟිලි දෙකෙන් එල්ලා තිබූ බවට සාක්ෂි) , බඩෙහි වූ කැපුම් තුවාල, වකුගඩු ආශ්රිත ඉදිමුම , කකුලෙහි මහපට ඇඟිලි දෙකෙහි නියපොතු ගලවා ඉවත් කිරීම, දකුනු වකුගඩුව අහිමි වීම..