නපුරු වැස්ස 02 ( සිව්වන වැසි දවස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' තිදී..' ලවාන්ත් පුදුමෙන් වගේ කියද්දී ඇය දුවගෙන වගේ ඔහු දිහාවට ඇවිත් වැලද ගත්තේ ලවාන්ත් පෙරලා වැලදගද්දී...
'තිනුකගේ ස්ටෝරීස් දකිනකම් මම දන්නේ නෑ ආවා කියලා..'ඇය මූණත් ඇඹුල් කරන් වගේ කිව්වේ ලවාන්ත්ගෙන් මෑත් වෙමින්...
' කවුරුත් දන්නේ නෑ මං එනවා කියලා.. හිතුනා ආවා..' ලවාන්ත් කිව්වේ ඇය වාඩිවුනු සෝෆාවට ඉදිරි සෝෆාවෙන් වාඩි වෙමින්..
' මෙයා කවුද ? ' ලවාන්ත් ඇසුත් පුංචි කරගෙන වගේ බැලුවේ තිදිනිට එහාපසින් සිටි බෝනික්කෙක් වගේ කෙල්ලව..
' ෂීස් මයි නිව් ෆ්රෙන්ඩ්..ෂී ඩස් ද සේම් ඩිප්ලෝමා අයි ඩූ..ඇන්ඩ් හර් නේම් ඊස් කිෂාලි...'
' හායී..අයෑම් ලවාන්ත්..නයිස් ටූ නෝ යූ...' තිදිනි අලුත් මිතුරිය හදුන්වා දෙනවාත් සමගම ලවාන්ත් ඇය දෙසට ඔහුගේ අත පෑවා..
' මී ටූ..' කිෂාලි සිහින් හඩින් එසේ කියමින් ලවාන්ත්ට අත පාලා ඉක්මනින් එය මුදවගත්තේ ලවාන්ත් ලාවට වගේ ඇය දිහා බලලා අමුතු විදිහට හිනාවෙද්දී..
' සෝ ආයේ යන්නේ කවද්ද ? ' තිදිනි අහද්දී ලවාන්ත් එයට පිලිතුරක් දෙන්නට කලින් එතනට අනෝමා ඇවිත් ඉදගත්තා..
' ආයේ යවන්නේ නෑ මෙයාව..' ලවාන්ත් වෙත තරවටු බැල්මක් හෙලන් ඇය කිව්වේ ඔහු දෙඋර හකුළද්දී...
'දැන්ම යන්න මගෙත් අදහසක් නෑ අම්මී...ආවා විතරනේ..' ලවාන්ත් හුරතලෙන් වගේ කියද්දී කිෂාලිට හිනාගියේ කොල්ලා කතා කරපු විදිහට වෙන්නැති...
' අද මොකද කරන්නේ ' ඒ පැනය තිදිනිගෙන්..
' ම්ම්ම්..තව ටිකකින් හොටෙල් එක පැත්තේ යන්න ඕනේ...ඔයාලත් එන්න..මං චේන්ජ් කරන් එන්නම්..' ඇසක් ඉගිමරමින් ලවාන්ත් එහෙම කියාගෙනම නැගිටගත්තා..
'අහ් ඕකේ..මං හේෂිලාටත් කෝල් එකක් දෙන්නම්..' තිදිනි කිව්වේ දුරකතනය අතට ගන්න ගමන්...
-----------
හෝටලයේ ඔහුටම වෙන්වුන කාමරයට වෙලා ලවාන්ත හිටියේ ෆිල්ම් එකක් බලන ගමන්..ඔහු හිටියේ තනියම නම් නෙවේ.. හේෂීත , දුලාන් ,තිදිනි ,කිෂාලීත් හිටියා.. හැමෝගෙම ඇස් රූපවාහිනියට යොමුවෙලා තිබ්බේ..ලවාන්ත්ගේ දෑසුත් එලෙසම යොමු වී තිනුනට කොල්ලා හිටියේ වෙන කල්පනාවක..

YOU ARE READING
නපුරු වැස්ස 02
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️