පැයගානකට පස්සෙ ජේකේ අන්තිමට ගෙදර ආවා. හැබැයි ඒ ගෙදරින් එලියට ගිය විදියට නම් නෙවෙයි.
ජේකේ ගේ ඇතුලට එනවත් එක්කම සෝෆා එකේ නිදාගෙන ඉදපු ටේව දැකලා ස්ටූල් එක උඩ තිබුන වතුර වීදුරුව අරන් ටේගෙ මූණට ටිකක් හැලුවෙ ටේ කෑගහගෙන නැගිටිද්දි.
" wt the fk "
ජේකේ හයියෙන් හිනාවෙවි පස්සට පැන්නෙ ටේ ජේකේව දැකලා කටත් බාගෙට ඇරගෙන ස්ටක් වෙද්දි.
ටික වෙලාවක් ජේකේ දිහාම ටේ බලාගෙන ඉදලා ජේකේ වටේ වටයක් කැරකුනෙ ජේකේ මේ මොකද වගේ බැල්මකින් ටේ දිහා බලද්දි." හ්යොන් මෙන්න...මූ "
ටේ මහ හයියෙන් කෑගහද්දි මැන්ශන් එකේ ඉදපු හැමෝම ලිවින් රූම් එකට දුවගෙන ආවේ ජිමිනුත් ගහෙන් බැහැලා ලිවින් රූම් එකට එද්දි.
" මොකක්ද ටේ වෙලා තියෙන්නේ "
හාරා ටේගෙන් අහද්දි ටේ ඔළුවෙන් ජේකේව පෙන්නුවම හාරා ජේකේ දිහා බලලා හයියෙන් හිනා උනා.ජේකේ පුදුමෙන් වගේ එයා දිහා බලන් අය දිහා බලලා මූණ බෙරි කරගත්තෙ කට්ටිය බනී කියන බයට වගේ
" මොකද කුකී මේ කරලා තියෙන්නේ "
" අයියො නූනා. මම හරිම ආසාවෙන් ඉදපු වැඩක් මගෙ ජොබ් එක නිසා කරන්න බැරුව හිටියෙ "
" මූ නිකන් කැටපත් පවුරක් වගේනෙ යකො. අඩෝ උබනම් මනුස්සයෙක් වෙන්න බෑ. කොහොමද හිටියෙ මෙච්චර ලොකු ටැටු එකක් ගහනකන්. ඒ මදිවට කටටත් කරාබු දාගෙන. යසයි යසයි පොඩි ඇච්චා "
ටේ ජේකේගෙ අත එහෙට මෙහෙට කරන ගමන් අහද්දි ජේකේ ටේගෙන් අත ඇදලා ගත්තෙ ජිමින් දෙපැත්තට ඔළුව වනලා රූම් එකට යද්දි. ජූන් හොබී දෙන්නත් ආපහු රූම් එකට ගියෙ හාරාත් කිචන් එකට යද්දි. හිතපු විදියට කාගෙන්වත් විරුද්ධත්වයක් වැඩේට තිබුනෙ නැති නිසා ජේකේ ටේටත් ඇද කරලා රූම් එක පැත්තට ගියෙ ටේ ජේකේ යන දිහා බලාගෙන ඇඟිල්ලෙන් ලිප්ස් වලට තට්ටු කරන ගමන් ජේකේගෙ වැඩ ගැන කල්පනා කරද්දි.
~~~~~~~~~~~
හැම තප්පරේකම වගේ කලබලෙන් එහෙට මෙහෙට යන මිනිස්සු පිරිලා ඉන්න සෝල් ටවුන් එක අද වෙනදටත් වඩා නොසෑහෙන්න කලබලෙන් පිරිලා තිබුනා. තව දවස් දෙකකින් කොරියාවෙ ඊලග ජනාධිපති තෝරන ඉලෙක්ශන් එක නිසා හැමෝම හිටියෙ ඒ ගැන කතා වෙන ගමන්. කවුරු උනත් තමන්ගේ ඊලඟ පාලකයා කවුද කියන එක දැනගන්න නොඉවසිල්ලෙන් හිටියෙ.
ඊටත් වඩා හැමෝම බයෙන් හිටියෙ දවස් දෙකකට කලින් සිද්ධ උන මරණෙ ගැන. ජේජු වල අවුරුදු 20ක් පුරාම සිද්ධ උන මරණ හා සමානව ඒ මරණෙත් වෙලා තිබුන නිසා හැම කෙනෙක්ම වගේ හිටියෙ වොල්ෆ්ලා නගරෙට ඇවිත්ද කියන සැකෙන්.ටවුන් එක පුරාම සෙකියුරිටි එක පවා වැඩි කරලා තිබුනෙ ඒ නිසා.
බලන බලන හැම තැනකම පොලිස් බල්ලො එක්ක පොලිසියෙන් හිටියා. සෝල්වල ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතේට පවා ඒකෙන් කරදරයක් උනත් හැමෝම තමන්ගේ ආරක්ෂාව වැදගත් නිසා ඒ ගැන කම්ප්ලේන් කරන්න ගියෙ නෑ.
![](https://img.wattpad.com/cover/335114201-288-k699417.jpg)
YOU ARE READING
RED MOON [ JJK ] Completed
Fantasyදන්නවද, මම ඔයාට හරි ආදරෙයි මොකද මගේ වසන්ත කාලෙත් ඔයා වසන්ත කාලෙට විතරක් පිපෙන ලස්සනම මලත් ඔයා