CHAPTER 1

3.9K 261 32
                                    

"මන් කිව්වා උබට ට්‍රේන් එකේ යන් කියලා. දැන් බලපම් මෙතෙන්ටම 1.55 යි 2.30 ක්ලාස් පටන් ගන්නව."

"හරි බන් ට්‍රේන් එක උනත් ශුවර් නෑනේ උදෙත් තිබිල නෑනේ"

"ආන්න ආන් කොටුවේ කුමාරිහාමි එනවා ෆුට්බෝඩ් එක අල්ල ගනිම් එකෙක්"

මමයි රදීනුයි හිටියේ බස් ස්ටෑන්ඩ් එකේ. හවස ක්ලාස්නේ.. කොලඹ 10 ඉදන් නුගේගොඩට යන්න ඕනේ.

ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ක්ලාස් යන පලවෙනි දවස..

හරිමාගෙයි ස්කූල් බස් එක පරක්කුයි.

දඩි බිඩි ගාලා බස් එකට නැග්ගට මොකද 13 වසරේ අයියලා ෆුට් බෝඩ් එක අල්ල ගත්තා අපිටත් පාට් දාලා. ඉදාම්කෝ ඊලග අවුරුද්දේ අපිටනේ ඔව්ව. කොහොම හරි තව එකසිය හැත්තෑ හයක් මගදි හම්බුන නිසා හැටට හැටේ බස් එක පිම්බා.. රේස්නේ යන්නේ..

"අඩෝ අන්න අන්න බස් එක එනවා වතුර බෝතල් ටික රෙඩිද?"

" හිටපන් ඕක බොන්න නෙවේ උබට දුන්නේ හු##"

ඒ අස්සේ කට්ටිය ගර්ල්ස් ස්කූල් එකේ බස් එකට වතුර ගහන්න පොර කනව. එක දවසක් ඕක පොලිස්සියෙන් දැකලා බස් දෙකම පැත්තක නවත්තලා අපේ බස් එකේ ඔක්කොම උන්ව බස්සලා ගෑන්ලමයිගෙන් සමාව ඉල්ලුවා.. තවත් මුන්ට ලැජ්ජ නෑනේ. මම නම් ඕවට ගෑවෙන්න යන්නෑ.. කෝකටත් හොදයිනේ. අනික අර කෙල්ලොන්ට වතුර ගැහැව්ව කියල අපිට මොනාද ලැබෙන්නේ?

"අඩෝ තඩී උබ ඔක්කොම බිව්වම ගහන්නේ උබේ හුජ්ජද යකොව්"

"තිබහෙන් හිටියේ මන්"

අපේ පන්තියේ මහතම එකා..ඌ බැරල්..ගහන්න තියන් හිටපු වතුර ඔක්කොම බීලා.යසයි මුන්.

"සවිනුවො වතුර බෝතලේ එවහන්කෝ උබේ"

නේතක දොරගාව හිටන් හිටපු මට කෑ ගහලා කියද්දි වදුරා වගේ එල්ලිලා මන් බෑග් එකෙන් බෝතලේ හෙව්ව. පොඩ්ඩක් වගේ උස මදිනේ ඉතිම්.

"ආ මෙන්න මටත් ඉතුරු කරපන් තිරිසන්නූ නොවී"

"හෙලවෙන මනස ඈ ඒක නම් මූ වතුර ඔක්කොම බීලනේ බන්"

අරූ මගේ කහයි නිලුයි බෝතලේ අරන් ජනෙලේ ගාවට යද්දි මන් රදීන් දිහා සැකෙම් බැලුවේ මොකද මූ අද නිශ්ශබ්ද කියලා.. එක්කො කට වහන් ඉන්න එකත් හොදයි ඕක.කියවන්න ගියාම නිවනක් නෑනේ..ඕක නිසා තමා ඉස්කෝලෙ මැඩම්ලා අපි දෙන්නව එක ලගවත් තියන්නේ නැත්තේ.

STAY WITH MEWhere stories live. Discover now