CHAPTRE 5

1.3K 207 24
                                    

"ෆස්ට් පීරියඩ් එකෙන් පස්සේ හැමෝම එහා ඉස්කෝලේට යන්න ලෑස්ති වෙන්න..ආයෙ මට පන්ති ගානේ ඇවිල්ලා කියන්න තියන්නෙපා..ප්‍රින්සිපල් සර්ගේ පර්මිශන් තියෙනවා ඇත්ලටික් ඉවෙන්ට් ඔක්කොම අද දවස ඇතුලත සෙට්ල් කරන්න ඕනෙ..හවුස් කැප්ටන්ලා මට නම් ලිස්ට් ඔක්කොම අද භාර දෙන්න ඕනේ.."

උදේ එසෙම්ලී එකේදි ස්පෝර්ට් හෙඩ් කෑගහල කියලා යද්දි මගේ හිත නම් උඩ පනිනවා වගේ. ක්ලාස් එකේ ඉන්න නැත්තම් ඕනෙ දෙයක්...අනික එහා ඉස්කෝලෙටත් යනවනේ... අපේ ග්‍රවුන්ඩ් එක හදන නිසා කොහොමත් මේ පාර ප්‍රැක්ටිසස් දාන්න බෑ..අනික ස්පෝර්ට් මීට් එක නම් වෙනම ග්‍ර්වුන්ඩ් එකකනේ තියන්නේ ඉස්සර ඉදන්ම..ඕල්ඩ් බෝයිස්ලා විතරක් ආවම අපේ ග්‍රවුන්ඩ් එක පිරෙනවා.. එතකොට ඉතිම් ළමයින්ටයි අම්මල තාත්තලට ඔඩොක්කු වල තමා ඉදගන්න වෙන්නෙ.

උදේ වෙච්ච අකරතැබ්බේ නිසා මාව තාමත් ගැහි ගැහි තිබ්බේ..බය වෙච්ච පාර පඩිපෙලින් වැටිලා මගෙ බෙල්ල  කැඩෙනව තව ටිකෙන්..රදීන් ඇවිල්ලා අල්ල ගත්තේ නැත්තම් මට තමා සයන්ස් සෙක්ශන් එකේ හොල්මන් කරන්න වෙන්නේ.. කාසි බූත සවිනු.....ගැලපෙන්නෑ හැබැයි

මන් වගේ  කොල්ලොක් හොල්මන් කරනවට වෙනමම ගෙවීමක් කරන්න ඕනේ.

කොහොම උනත් කෙලවරේම ක්ලාස් එකක හිටපු ළමයෙක්ගේ මොනාද මන්දා බිම වැටිලා නිසා තම එක එක සද්ද ඇහිලා තිබ්බේ... ඒ ළමයටයි මටයි දෙන්නටම රදීන් බැන්න කන් දෙකේ ඇබ ගහගන්නම.. අනික් ළමයත් හොදටම බය වෙලා.අලුතෙන් ඉස්කෝලෙට ආපු කෙනෙක්ද මන්දා.

"මේ අහනවකෝ රදීන්න්න්න්න්"

"කියපම් ඉතින්"

"මා දෙස බලනු"

"කියපන් කියන්න තියෙන දෙයක් මගේ යකා අවුස්සන්නැතුව"

"මට බඩගිනියි හලෝ..යන්න කලින් කමුද? ආයේ කීයට එන්න වෙයිද දන්නෑනේ"

"ම්ම්"

ෆස්ට් පීරියඩ් එකේ මැදදි මායි රදීනුයි මැඩම්ට බොරුවක් කියලා එලියට පැන ගත්තා..අපිට හිටියේ හරී...යට ආදරේ හිතෙන වයසක මැඩම් කෙනෙක්...මැඩ්ම්ට තිබ්බෙ ඕශන් බ්ලූ කලර් වගේ ඇස්..පූසෙක්ගෙත් වගේ...රදීන් කලේ මැත්ස්... ආකිමිටිස් කියල හිතන් ඉන්නේ ඌ.

STAY WITH MEWhere stories live. Discover now