"අපේ මහත්තයා.....බබාට ඇහැරවන්න කාල නිදාගන්න කියන්න ආයෙම"
"ඔය කෑ ගැහිල්ලට දැන් පුතා නැගිටලත් ඇති මාලි"
"අනේ යන්න අපේ මහත්තයා..මේ කට නැත්තම් කරයි"
"ඇත්ත ඇත්ත.. යුගාන් පුතාට කෑම එක දුන්නද?"
"නෑ නෑ බබාගේ අතේ යවමු..අපේ මහත්තයා ඒ දරුවා නම් හරිම හොදයි නේද?"
"මටත් කතාවෙන් තේරුනා... අම්මයි තාත්තයි නැති වෙලාලු නේද ඇක්සිඩන්ට් එකකින්..පවු කොල්ලා.. දෙමව්පියෝ ළග ඉන්නම ඕනේ කාලේ හැදිලා තියෙන්නේ තනියම"
"එහෙමත් එකක්ද?"
"ඔව් ඔව් ඊයේ මා එක්ක කිව්වේ..මටත් හරි අවුල් ගියා ඒක ඇහුවට පස්සේ.. සුදු පුතාට එහෙම ඒ වගේ උනානම් කියලා හිතුනා"
"මොනාද වේද් කියවන්නේ.... එහෙම මුකුත් වෙන්නේ නෑ ඔයා ගිහින් ළමයව ඇහැරවන්න..පවු දවල්ට කාලත් නැද්ද කොහෙද කොල්ලා"
"ඔව් ඔව් අච්චාරු වගයක් කකා ඉදලා රදීන් පුතාගෙ ඇග උඩම නිදාගෙන හිටියේ"
අම්මගෙයි තාත්තගෙයි කතාව මන් අහගෙන හිටියේ කුස්සියට එහා පැත්තේ කාමරේ ඉදන්. වතුර බොන්න ආපු මට අන්තිමට උනේ ඇස් දෙක කදුලු වලින් පුරවගන්න.එයාලා කොහොමද එහෙම හිතන්නේ? ආදරේ දීලා දීලා එක පාරම නැති උනාම කොහොම දැනෙනවා ඇත්ද?
දේශ් අයියා ගැන ලොකු දුකක් මට දැනුනා.
මන් අඩියට දෙකට මගේ කාමරේට ගිහිල්ලා මුකුත් දන්නෑ වගේ දිගෑදිල හිටියා..තාත්තා ඇවිල්ලා මන් දිහා බලාගෙන හිටියා.
හිනත් යන්න එනවා ඒ අස්සේ...
ඔහොම්මමයි එයා.
"හොර කොල්ලා නැගිටලා නේ ඉන්නේ? කෝ කන්න එන්න"
මගේ බඩ මැද්දෙන් උස්සගෙන තාත්තා යද්දි මට උඩ යට මාරු වෙලා පෙනුනේ... රදීන් මීට වඩා හොදට උස්සනවා මාව...තාත්තා මාව සැටිය උඩින් අතෑරලා පොඩ්ඩක් අත පය දිගැරියා.
"මේ කොල්ලව දැන් උස්සන්නවත් බෑ..අත් අඔඅය කැක්කුමයි හරියට"
"ඔයා නාකි වෙලා තාත්තේ"
YOU ARE READING
STAY WITH ME
FanfictionWe laugh together, we cry together These simple feelings were everything I had When will it be? If I see you again I will look into your eyes And say, "I missed you"~~~~~ •Start - 2023.09.19 •End - 2023. 11.08