" ප්‍රින්සස් ටියානා... ප්‍රින්සස් ටියානා.. නැගිටින්න.. ඔබතුමියට රජු කතා කරනවා.."
" අහ්හහහ..... මට තව ටිකක් නිදාගන්න දෙන්න රොසේටා...!!! "
තමන්ගේ රූම් එකේ දොරට තට්ටු කරන රොසේටාගේ හඬට අවධානයක් නොදුන්න ටියානා එයාගේ බෙඩ් ශිට් එක ආයමත් ඔලුවේ ඉදන් පොරොගෙන නිදාගන්න ලෑස්ති උනා. එයාගේ පියරජතුමා නෙමෙයි කවුරැ කතා කලත් උදේට ඇහැරෙන එක ටියානාට කරන්න ආමාරැම වැඩක්. පුංචි කාලේ ඉදන් සැපට හැදුණු කෙනෙක් විදියට ටියානා ටිකක් මුරණ්ඩුත් එක්ක. ඇරත් කුමරියක් උනා කියලා කම්මැලිකම් කරන්න බැරිකමක් නැහැනේ.
ටියානා කියන්නේ ඇන්ඩ්‍රසන් රජතුමාගේ එකම දූ කුමරිය. අවුරැදු විසිහතරක් උනු ටියානා එයාගේ ඉගනීම් කටයුතුත් ඉවර කරලා මේ වෙද්දි නිදහසේ ඔහේ කල්ගත කරන ගමන් හිටියේ. කම්මැලි නිසා පොත් කියවන එකයි.. කන එකයි බොන එකයි.. නිදාගන්නෙකයි විතරමයි එයා කලේ. විශේෂ දවස්වලට මාළිගාවේ තිබුන උත්සවවලටත් එයා සහභාගී උනේ රජතුමාගේ බලකිරීමට. ටියානාට සාමාන්‍යයෙන් රාජකීය උත්සව පෙන්නන්න බැ. විකාර බෝල් නැටුම්.. මහ උජාරැවට පම්පෝරි දොඩවන වංශවතුන්ගේ බලපුලුවන්කාරකම්.. එක එක තරැණ කුමාරිකාවන්.. ආධිපාදවරියන්ගේ විකාර ඇඳුම් මෝස්තර ගැන නේ වැඩිහරියක්ම එතනදි කතා වෙන්නේ.
දැනුත් එයාගේ පියරජතුමා ඔය කතා කරනවා ඇත්තේ මොකක් හරි එපාවෙන දෙයක් ගැන කියන්න තමා.
" ටියානා....!!!!! "
ඔන්න ඒ පාර ඇහුනු හුරැපුරැදු කේන්තිය පිරැනු හඬ නිසා ටියානා බෙඩ් එක උඩ ඉදගත්තා. බෙඩ් එක උඩින් කවර් කරලා තිබුන වියන්.. දුහුල් තිරරෙදි අතරින් ටියානාට පෙනුනේ කෙන්ති ගිහින් ඉන්න එයාගේ ආදරණීය පියරජතුමාව.
" හ්හහ්... ගුඩ්මෝනීන් පපා..."
" ගුඩ්මෝනීන්.. ගුඩ්මෝනීන් තමා.. දැන් නවයත් පහුවෙලා.. කුමාරිකාවක් උනාම.. ඉරටත් කලින් නැගිටින්න ඕන.. පොඩි කාලේ ඉදන්ම හුරතලේ හුරතලේ කියලා.. ඔයාට ඕන විදියට දේවල් කරන්න දීලා.. මම තමයි ඔයාව නරක් කලේ..."
" ඒක තමයි... "
" ටියානා...!!! "
" හරි.. හරි.. මම නැගිටලා ඉන්නේ කියන්න... ඉතින්..."
YOU ARE READING
JINIES NOVELLA || SHORT STORIES || KSJ
Short StoryIt's all about Kim Seokjins' Aura... Story Collection Of Kim Seokjins' 2023.12.04.