01. මේවාන්

6.8K 272 10
                                    

01. මේවාන්

"""" මේ මුලින් උබ මන් කියන එක අහපන්.. මම නෙවෙයි උබයි මේවා මුලින්ම පටන් ගත්තේ.."""

""""" නීකේෂ් අයියේ, මගේ අත රිදෙනවා ඕයී මාව අතාරිනවකො, මේ මිනිස්සුත් බලන් ඉන්නවා..."""

මන් එහෙම කියන ගමන් මූවත් ඇදගෙනම කැන්ටීන් එකේ කෙලවරකට ගියේ, මැද්දේ ඉදන් රගලා නිකන් මේ මිනිස්සු ඉස්සරහා කිච වෙන්න බැරි නිසා...

"""" මේ මල්ලී උබ දැන් මෙතන බබා වෙන්න දගලන්න එපා හොදේ.. උබ කවදා ඉදගෙනද වට පිටාවෙ එවුන් කියන  දේවල් ගැන හිතුවේ..."""""

නිකේෂයා නලල රැලි කරගෙන එහෙම කියලා ඔලුව කරකවන ගමන් වටපිටාව බැලුවේ ඌට කව්රු හරි හොයා ගන්න ඕනී නිසා..

"""" ඉවරායී මූ අරයව දැක්කොත් නම් විනාසයී දෙයියනේ.. """"

මන් එහෙම හිතන ගමන් ක්ෂනිකව අයියේ කියාගෙන කට ඇරියේ උගේ අවදානේ  මගේ පැත්තට ගන්න ඕනී නිසා.. ඒත් කොහෙද ඒ වෙනකොට මම ප්‍රමාද වැඩී...

""""" ආහ්හ්.. හරි දැන්නේ මට වැඩේ තේරුනේ.. උබට අරූ හින්දද ඔච්චරටම ලැජ්ජ හිතුනේ...""""

නිකේෂ් අයියා අරයා දිහා බලාගෙන එයාට ඔරවන ගමන් අරූ මූ කියනකොට නම් මට යකා නැග්ගා...

""""" මේ අයියේ Mind ur Language...  අනික තමුසේ දන්නවා නේ ඒ මනුස්සයා අපි දෙන්නගෙම ලෙක්චරර් කෙනෙක් කියලා..  මන් කැමති නෑ සර්ට ඔහොම කතා කරනවට...""""

ඒක කියලා ඉවරවත් වෙන්න උනේ නෑ මේ මිනිහා අල්ලගෙන හිටපු මගේ අත හයියෙන්ම මිරිකුවා.. මෙච්චර වෙලා ශෙප් එකේ ඉවසගෙන හිටපු මට රිදුනු නිසා මන් අතත් අදින ගමන් එහාට මෙහාට ඇබරුනා..

"""" මල්ලී  උබේ හැටියට මන් මේ කතා කරනවා හොද වැඩී.. උබ හිතන්නේ උබට කවදා වෙනකන් ඔය මිනිහා ඉස්සරහා ඔහොම රගපාගෙන ඉන්න පුලුවන් කියලද... දැන් උනත් උබ බබා වගේ ඉන්නේ ඌ මේ පැත්ත බලන් ඉන්න නිසානේ..."""""

නිකේෂ් අයියා මගේ දිහායී සර්ගේ දිහායි බලන ගමන් එහෙම කියනවා.... සරුත් අපි දිහා බලන් ඉන්නේ නෑ වගේ පෙනුනට මූණ දැක්කම තේරෙනවා මේ පැත්තට ෆුල් ස්කෑන් එක දාගෙන ඉන්නේ කියලා..

මේවාන් ( Completed ) Sinhala blWhere stories live. Discover now