.
..
"වඩේ වඩේ එකක් දහයයි .. තේ,කොපි,සමොසා,උදේ කෑම..."
කෙසඟ මනුස්සයෙක් කෑම මල්ලකුත් උස්සන් වේගෙන් යන කොච්චියත් එක්ක ඔට්ටු වෙවි කොච්චි පෙට්ටියක අනිත් පැත්තට ඇවිදගෙන එද්දි බඩගින්නක් නොතිබුනත් බල බල හිටපු පොත වහලා දාපු මම සීයා ලගට එනකන් හිටියා. අහිංසක පාට මනුස්සයෙක්.
" Rs100ක වඩේ දෙන්න"
කහට බැදුනු දත්වලින් අව්‍යාජ හිනාවක් දිපු සීයා වඩේ මල්ලක් අතෙන් තියද්දි එ සුවදත් එක්ක නොතිබ්බ බඩගින්නකුත් මට ආවා ..
වඩේ මල්ලත් අරන් මන් කොච්චි දොර ගාවට ආවේ දොරේ එල්ලියා යනකොට සිරාවටම එනවා කියන chill එකක් එනවද බලන්න..යන වේගෙටත් එක්ක පැද්දෙන්න ගද්දි තනි අතින් ඉන්න එක chill එක කෙසේ වෙතත් කොයිවෙලෙ වැටෙයිද කියලනම් sure එකක් තිබුනේ නැති වැඩක්. ඊලග දවසේ පත්තරේ ඉන්න ආසාවක් නැති නිසා කොකටත් කියලා මන් වැටෙන්නැති වෙන්න පොල්ලක් බදාගත්තා..''කදු යායවල් මල්වතු පාලු බංගලා පාස් වෙද්දි ඇහැට පුරුදු පරිසරේ ටික ටික ලං වුනා.පරිසරේ කියන්නේ හරියට පවුල වගේ ..දුක හිතුනම අහන පාලු හිතුනම ලගින් ඉන්න ..පොඩි පොඩි දෙවල් වලින් සතුටු කරන ඇහැට පෙන්නැති මායාවක් .'
'ටික ටික නිදහස ඔලුවට ගලන් එද්දි සුරිය ආරච්චි වලව්වට අයිති කොනක් පෙන්නැති ඉඩකඩම් මැද්දෙන් කොච්චිය යන්න පටන් ගත්තා. මුලු ගමේම රැජින වගේ ඉන්න ආරියා සුරියආරච්චිව මට මැවිලා පෙන්න ගත්තේ
අන්තිම බිංගෙයිත් පාස් වෙද්දි මන් සුපුරුදු sit එකට ගියේ තව ටිකකින් station එකට ලං වෙන නිසා ..'...
'Bag එකයි අඩුම කුඩුම ටිකයි එක්ක මන් කොච්චියෙන් එලියට බැස්සා ටිකක් දුර යද්දි මන් දැක්කේ චුටි බොල බබෙක් ..බබාගේ ලග කවුරුත් නෑ .ඉන්න bench එකෙත් අන්තිම ගැට්ටේ.බබා අඩන්න කට හදාගන්න යද්දිම මන් බඩු ටිකත් දාලා බබාව වඩා ගත්තා ..
අඩන එක පැත්තකින් තියපු එ චුටි බබා මගේ හිනා වෙද්දි පනින නල දත් දිහා බලන් කිරි කැටි විදියට හිනාවෙද්දි අමුතු සතුටකින් මාවත් නැවිලා යන්න විනාඩියක්වත් ගියේ නෑ .