10 කොටස~

1.1K 183 28
                                    

"ළමයි හැමෝම ප්‍රේමරත්න හෝල් එකට යන්න...එතන ඔයාලට කෑම බීම සූදානම් කරලා ඇති. අපේ මේ ඉන්න ශිශ්‍ය නායකයෝ ඔයාලට තැන් පෙන්නාවි"

දොලහට කලින්ම අපි ඉස්කෝලෙට ආවා. දියවැඩියා කාරයෝ ටික එහෙම්මම වොශ් රූම් වලට දුවද්දි මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් අපිට කතා කලා.  බෑන්ඩ් ලීඩර් වෙච්ච මන් බ්ලේසර් එක දාන් ඉද්දි හිතට අමූතුම බයක් දැනුනා.. හැමෝගෙම අවධානේ මටද කොහෙද.. වින්ද්‍යා මිස් එක්ක අපි හැමෝම හෝල් එකට යද්දි මන් බැලුවේ රධින් කෝ කියල.

"මන් මෙතන ඉන්නවා බෙල්ල කඩාගන්නැතුව ඉස්සරහ බලන් යමන්කො"

මන් උත්තරයක් නොදි ඉස්සරහට ගියා. රදීන්!!!

මේක වෙනස් වෙන්න ඕනේ නැද්ද?

රත්නපුරේ තිබ්බේ හරිම ශෝක් ආස හිතෙන කාලගුනයක්.අපි ආපු දවසේ හොද කමද මන්දා වැස්සක් වත් නැතුව අමුතු සීතලකින් මුලු වටපිටාවම පිරිලා තියෙද්දෙ ඇගට පුදුම සැහැල්ලුවක් දැනුනේ.. කොළඹ නම් ඒකට දවල් දොලහෙන් පස්සේ ඉන්න පුලුවන් යෑ.. බොයිල් වෙනවා අම්මටසිරි වෙන්න.

හෝල් එකේ දෙවෙනි තට්ටුවේ ලොකු මේස වගයක් දාල ලෑස්ති කරලා තිබ්බ කෑම.. ඈතින් තව ඉස්කෝලෙක බස් එනවා පේද්දි මාත් ළමයි ඔක්කොලවම යවලා ඇතුලට ගියා.

**************

"රධින් අර බලන්න කූඩැල්ලෙක් නේද? උගේ බඩ ඇදෙනවනේ ඒයි"

"කෝහ් කෝ කොහෙද කූඩල්ල?!"

ඉදන් උන්න තැනින් නැගිටලා රදීන් දෙකට නැවිලා ඇදුම ගසන්න ගත්තා.බයයි වගේ...

"ඊව් මහ ලොකු සිස්ස භටයා හිච්චි කූඩැලටත් බයයි වගේ.."

අපිට ටිකක් එහාට වෙන්න හිටිය දෙව්මිත් කෑගහලා කියද්දි ලග පාත හිටපු හැම එකාම හිනා වෙන්න ගත්තෙව් රදීන් රතු වෙලා යද්දි.

කෑම කෑවට පස්සෙ අපි කූඩාරම් ගැහුවා...අපේ ඉස්කෝලේ ඇරුනම තව ඉස්කෝල හයක බෑන්ඩ් ඇවිල්ලා හිටියා. හෙට ඉදන් තමා අපේ වැඩ පටන් ගන්නේ... කූඩාරම් ගහලා ඉවර වෙලා අපෙන් කට්ටියක් ඉස්කෝලේ ක්වාටස් වල තිබ්බ බාතෲම් වලට යද්දි මැඩම්ලට දාහක් කතා කියලා පර්මිශන් අරන් එහායින් තිබ්බ ඇලට ආවා.

"

ඔය ළමයි දගලන්නැතුව ඉක්මන්ට හෝදගන්න ඒවා හෝදගන්නවා.. වැස්සකුත් එන්න වගේ"

නිශාන් සර් ගලක් උඩට වෙලා කෑ ගහද්දි ළමයි ඇහුන්නෑ වගේ හිටියා. මෙහේ කාලගුනේ අමුතුම එකක් කියලා ටික වෙලාවක් යන්න කලින්ම තේරුනා. ඇයි යකෝ විනාඩි පහක් විතර වැහැලා නවතිනවා..ඊට පස්සේ ටිකකින් ආයෙම වහිනවා... අද කූඩාරම් ගහපු එකත් වැඩක් නැති වෙයිද දන්නෑ මෙහෙම ගිහිල්ල.

"කෝ කෝ මෙහේ එනවා යන්න පොඩි පගයා!"

ළමයි ඔක්කොම ගිහිල්ලත් තාම වතුරට කකුල් දෙක දාන් හිටිය දෙව්මිත්ගේ බෙල්ලෙන් ඇදන් අන්තිමට මාත් ආවා.

"ටහුඩු බන් මෙච්චර වාහන ගොඩක්?!"

"ඒකනේ බන් රෑ වෙද්දි භීශනේ වගේ තියෙයි හැබැයි"

ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ බස් වෑන්  ලොට් එකක්ම නවත්තල තිබ්බ.මේක ලොකුවටම කරනවා වගේ එහෙනන්.. හනේහ් අපේ සහෝදර පාසලුත් ඇවිල්ලා..

"ළමයි කොහෙවත් අතුරුදහන් වෙන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්න. පේනවනේ ඉන්න ළමයි ගොඩ. ඉස්කෝලේ නම්බුව තියාගෙන ඉන්න ප්‍රශ්න දා ගන්නැතුව."

වින්ද්‍යා මිස් ක්වාටස් වල හිටපු මයි ටිකත් අරගෙන ආවට පස්සේ ඔක්කොලවම එක්කගෙන අපේ ටෙන්ට් ගහපු මාර ගස් යටට ගියා..හම්මට අමුතුම සීතලක් තියෙන්නේ..වැඩිත් නෑ මදිත් නෑ...

"දේශ් අයියා.....මේ කොටේ ඇති වෙයිද?"

"මොකා මොන දේශ්?!"











හැමතැනම දේශ් අයිය නේත?
කතාවෙ කොටස් එක එක තරම් දිග වෙනවා හලෝ.. මටත් ඒ විදිහ ලේසි.කමක් නෑනේ ඔයාලට
ඩේලි අප්ඩේට්ස් දෙම්නවා මම්
Diya~

STAY WITH MEWhere stories live. Discover now