12 කොටස ~

1K 177 41
                                    

~ කරගහන් එන හේතු ඵල ටික ගෙවනවා තව එකතු කරගෙන.................

'අඩෝ අඩෝ තව එකක් පටන් ගනිම් නාලන්දෙන්'

~රොන් සුවද දෙන මල් පියලි මත පාව යමු රෑනේ...
ඇල් පවන් මත විල් තෙරක්‌ වෙත මත් බිගුන් වාගේ..

ජෝන්ස් එකේ අයගේ සිංදුව ඉවර උන ගමන් අනිත් අතට නාලන්දාවේ අය සිංදුවක් පටන් ගත්තා..මේ වැඩේ නම් මාරයි..පලවෙනි වතාවටද මන් මේ වගේ එකකට ආපු නිසාද මන්දා මට මෙහෙම දැනෙන්නේ.. අම්මල්ගෙනුයි තාත්තලගෙනුයි  විතරක් නෙවේ ජීවිතේ සම්පූර්ණ වෙන්නේ කියන හැගීම මට දැනුනා. අපිම කෑම හදන් කාලා...දැන් ලොකු ගිනිමැලයක් ගහගෙන හැමෝම සිංදු කියනවා.. එක  ඉස්කෝලේකින් සිංදුවක් පටන් ගත්තම අනිත් ඉස්කෝලත් ඒක කිව්වා...රදීන්‍ටයි දෙව්මිත්‍ටයි නම් ගානක් නෑ දෙපැත්තට වැනි වැනී ඉන්නවා තාලෙට මගේ දෙපැත්තට වෙලා..රදීන්ට නම් රන්ටැඹේ කැම්පින් නිතරම යන නිසා ගානක් නෑ..මට තමා ගෙදරින් කොහෙවත් යන්න දෙන්නැත්තේ...අර පොඩි එකා දෙව්මිතුත් ගයිඩින් වල දවස් තුන හතර කෑම්පින් යනවා..මොන නින්දාවක්ද මේ?!

"දෙව්ව් මේක මරු නේද?"

"ම්ම් ඔව් මැඩම් කියද්දි මන් හිතුවේ නෑ මෙහෙම දෙයක් කියලා හැබැයි"

"මාත් නෑ..මන් හිතුවේ වර්ක් ශොප් එකක් කිව්වම හෝල් එකකට දාලා ලෙක්චස් දෙයි කියලා"

"මාත්..මේ ඒක නෙවේ අරයා ඇයි අපේ දිහා කන්න වගේ බලන් ඉන්නේ?!"

"කෝ කවුද?"

"ආන් කෙලින්ම බලන්න එපා ශේප් එකේ බලන්න ඈ"

දේශ් අයියා!

"අඩෝ මන් කිව්වා එක පාර බලන්නෙපා කියලා.. මෝඩ හරකා"

මන් එයා දිහා බලනවා දැකලා දේශ් අයියා වෙන පැත්තක් බලාගත්තා..ගිටාර් එකක් අතේ තියාගෙන හිටිය එයා එහා පැත්තේ හිටපු එක්කෙනා එක්ක කතාවකට වැටුනා. දෙව්මිත් මගේ ඔලුවටත් ගැහුවා ඒ අස්සේ.. මන් ඒ ගනන් ගන්නැතුව අරයා දිහාම බලාගෙන හිටියා..

මොකක්ද ආදරේ කියන්නේ?

මට එක එකා එක්ක නිදාගන්න තරම් අමාරුවක් නෑනේ?

STAY WITH MEWhere stories live. Discover now