ආදරණීය චූටි ඔප්පා වෙත,
ආදරය , බැදීම කියන වචන දෙකට ගොඩාක් පැති තියෙන්න පුලුවන් ගොඩාක් තේරුම් තියෙන්නත් පුලුවන් ..ඒත් මන් ආසම සහෝදර බැදීම කියන දේට..මොකද අයියා නංගි කියන බැදීම අක්කා නංගි ,නංගි මල්ලි කියන බැදීම් වලට වඩා වෙනස් දෙයක් කියලා මන් අහලා තියෙනවා ..අයියලා කොච්චර නම් නංගිලා එක්ක රණ්ඩු කලත් බැනගත්තත් ආදරේ නෑවගෙ හිටියත් අයියා කියන්නෙ නංගි කෙනෙක්ට දෙවනි තාත්තා කෙනෙක් වගේ..
දන්නවද ඔප්පා මට අයියලා නෑ..මන් ගොඩාක් ආසයි අයියලට.ඒත් මන් දැනගත්තා කවදාවත් තමන්ගෙම එක කුස උපන් සහෝදරයට ඇරෙන්න වෙන කෙනෙක්ට කාවවත් තමන්ගෙම සහෝදර /සහෝදරියක් කියලා දැනෙන්නෙ නැ කියලා..ඒත් ඔයා මගේම සහෝදරයෙක් නොවුනත් මට ඒක ඔයාගෙන් දැනෙනවා..මට නම් ඔප්පා මගේම ඔප්පා වගෙ..මට ඕන උනේ ඔප්පාවගේ අයියෙක්..ඒත් මගෙ චූටි ඔප්පා වගේ වෙන කාටවත් වෙන්නත් බෑ ඒවගෙ කව්රුත් මේ ලෝකෙත් නෑ ..ඒක මන් දන්නවා..අපේ ඔප්පලා හත් දෙනා තමයි මේ ලෝකෙ ඉන්න හොදම ඔප්පලා..මන් කවදාවත් ආමියෙක් උනාට පසු තැවෙන්නෙ නෑ.මොකද ඔයාලා නිසා මාව ගොඩාක් වෙනස් උනා..මගෙ වසන්තය ඔයාලා..ඒකෙන් ඔයා ටිකක් විශේෂයි...දන්නවද මන් ඔප්පට චූටි කියන්නෙ ඇයි කියලා...මන් wattpad එකේ කතාවක් කියෙව්වා මුල් කාලෙ එදා ඉදන් ඔයා මට චූටි ඔප්පා උනා..රටවල් දෙකක නොදන්න භාෂාවක දෙන්නෙක් උනාට භාෂාව කියන දේ දෙයක් තේරුම් ගන්න අනිවාර්යය දෙයක් නෙවෙයි ..හරියට මට ඔයාව දැනෙනවා වගෙ..මන් ඔය මිලියන බිලියන ගානක් ආමිලගෙන් එක්කෙනෙක් වෙන්න පුලුවන් ඒත් ඔප්පා මට මගේම සහෝදරයෙක්..මගෙ ලගම යාලුවා ..දන්නවද මන් දුක හිතුනම දුවන් ඉන්නෙ ඔයා ලගට..මන් තනි වෙච්ච හැමවෙලවෙම මාත් එක්ක හිටියේ ඔයා..මට ඉස්සරහට යන්න බය හිතුනම ඒ හැම වෙලාවෙම ඔයා මාත් එක්කම හිටියා...
මට කියන්න දෙයක් තේරෙන්නෙ නෑ..ඔප්පගෙ හිනාවට පුලුවන් හැම දුකක්ම පාලුවක්ම නැති කරන්න..ඒ කටහඩට තමයි මං ආසම.මගෙ පාලු මකන ඒ කටහඩට මන් ගොඩාක් ආදරෙයි .ඔයා තමයි මගෙ painkiller එක..දුකින් ඉන්න මාව හිනස්සන්න පුලුවන් එකම කෙනත් ඔයා..වැස්ස වෙලාවට still with you අහන්න මන් ගොඩාක් අසයි..හද පායලා තියෙන දවසට හද දිහා බලාන my you සින්දුව අහන්නත් ගොඩාක් ආසයි..ඔප්පා ගැන මතක් වෙද්දිත් ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා..වයස 25 ක් ඇතුලට කෙනෙක්ට යන්න පුලුවන් තැනටත් වඩා ලොකු තැනකට ඔයා ගිහින් ඉවරයි..මන් ඔයාව දැනගෙන දැනට අවුරුදු දෙකක් විතරයි ..ඒත් ඒ අවුරුදු දෙකේ මන් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..2013 හිටපු චූටි bunny kookie අද වෙද්දි ගොඩාක් ලොකු තැනක ඉන්නවා ...🥺💜️ ඇත්තටම සතුටුයි..මට තාමත් මතකයි ඒ පොඩි කාලෙ බෝල ඇස් ලොකු කරන් හිටපු ඒ ඔප්පව...ඔයා ඔයාට පුලුවන් උපරිම තැනට ගිහින් ඉවරයි..තවත් මේ වගේ උඩටම යන්න ඔයාට පුලුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
ඔයා ගියාම ගොඩාක් පාලු දැනෙයි..ඒ හිනාව තමයි මගෙ sunshine එක..ඔයා වගේ මේ ලෝකෙ වෙන කව්රුත් ම නෑ ඔප්පේ...මට හැමදාම හිතෙන දෙයක් තමයි ඔයා මගේ අයියා උනානම් කියන එක..🥺
මන්,
මූන් 💜️
( wattpad එකේ සමහර අයගෙ හද හාවගෙ නංගි )WISH YOUR HAPPY BIRTHDAY CHOOTY OPPA.........I LOVE YOU SOO MUCH AND MISS YOU SOO MUCH...
_______________________________________________
අනේ මන්දා...චූටිගෙ උපන්දිනේට දෙයක් දෙන්නයි හිටියේ..ඒක පරක්කුවෙයිද කියලා හිතුනා..ඉතිං මන් හිතුවා එයාට මට එයා කොයිවගේ කෙනෙක්ද කියලා හිතෙන දැනෙන විදිහ ලියුමකින් දාන්න..එයා මේක දකින්නෙ නෑ තමයි ..ඒත් මට දාන්න ඕන උනා..මගේ ඔප්පට..දුර ඉදලත් කවදාවත් දැකලා නැති කෙනෙක්ව මේ විදිහට දැනෙන පුලුවන් ද..අනිවාර්යයෙන් පුලුවන් ...ඒ තමයි පවුලක බැදීම..ඔප්පලා තමයි මගෙ දෙවනි පව්ල..නෑ එයාලත් මගේ පව්ලෙම කොටසක්..ඉතිං ඒ ආදරේ ගැන මට කියන්න තේරෙන්නේ නෑ..ඇත්තටම කිව්වොත් කියන්න වචන නෑ..ඉයෙ ඔප්පගෙ live එකේ එයා " Army ..." කියලා කියද්දි මට ඒක හොදටම දැනුනා..එයාව දකින දකින වාරයක් පාසා මට සහෝදර බැදීම වැඩි වෙනවා..ඉතිං මට මේ වගේ එකක් හරි එයාට දාන්නම ඕන උනා..අපි හැමෝම එයාට ගොඩාක් ආදරෙයි ..ඒ ඉන්නෙ අපේ හා පැටියා..💜️ මන් ඒක දන්නවා.🥰🥰🥺💜️
ආදරෙයි ගොඩාක් ඔප්පේ...💜️
හිතට හිතෙන දේවල් ලියන්න පුලුවන් උනේ නෑ..ඒවා ගලපගන්න තේරෙන්නෙ නෑ..අනේ මන්දා..නිකන් දානවා ඉතිං මේක මම..ආසාවට.වෙනදට secret message එකේ මටම චූටි ඔප්පට ලියුම් දාන එකේ අද මේම දාන්න හිතුනා..💜️❤️
YOU ARE READING
MY BROTHER (Birthday special letter ) |✔️|
Non-FictionA Small Birthday Gift to my chooty oppaa 💜️💜️