07.

821 129 7
                                    

📞📞📞📞📞📞📞📞📞📞

ජුකී මං ගෙදර ආවා.. ඇයි ඊයේ මාව එක්කන් එන්න ආවෙ නැත්තෙ??

නැගිටපු ගමන්ම ජුකීට කෝල් කරේ ඊයේ ආවෙ නැති එක ගැන අහන්න බැරි උන නිසා..

" එන්න තමා හිටියේ.. එන්න ලෑස්ති වෙද්දිම යුන්ගී කෝල් කරා.. එයා ඔයාව එක්ක එන්නම් කිව්ව නිසා මමත් හිටියා.. "

ඒත් ජුකී ඔයාට මට කෝල් එකක් දෙන්න තිබුනනෙ..

" බොරුවට හරි දෙන්න දැන් මැරි කරන්නනෙ ඉන්නෙ. ඉතින් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න.. "

ඔයත් දන්නවනෙ ජුකී මේ මැරේජ් එක ගැන..

" හරි මැරි කරන්න ඉන්න කෙනා විදියට නෙවෙ.. අඩුම යාලුවෙක් විදියට හරි.. ඔයාට හැමදේටම මේ අවුරුදු ගානෙම හිටියෙ මං විතරයි... ඉතින් පොඩ්ඩක් යුන්ගිව යාලුවෙක් විදියට පිළි ගන්න.. ඒක වෙනස් අත්දැකීමක් වෙයි ඔයාට... "

...................

" ජිමින් මං කියන එක අහගෙනද ඉන්නෙ?? "

ඔව්ව්...

" මොකද කරන්නෙ දැන්??"

දැන් නැගිට්ටේ.. තව ටිකකින් වෙඩින් එකට ඕන දේවල් බලන්න යුන්ගී ඒවි..

" මං එන්න ඕනි නෑනෙ??"

ඇයි එන්න බැරි...

"සෝහා එන්නෙත් නෑලු.. මං ඉස්සෙල්ලා කිව්ව දේ ගැනත් හිතලා යුන්ගී එක්ක පොඩ්ඩක් ඉන්න.. "

ඔව් ඔව් ඔයාටත් දැන් සතුටු ඇති.. වෙනදා හැමදේටම මං එක්ක ඉන්න ඔයත් දැන් වෙනස් වෙලා..

" ජිමින්.."

හරි එන්න ඕනෙ නෑ.. මං එන්න කිව්වෙත් නෑනෙ...

මං කෝල් එක කට් කෙරුවෙ තරහෙන්.. ජුකීත් පුදුම විදියට වෙනස් වෙලා...

නැගිටලා ඉක්මනට ලෑස්ති උනෙ දැන් හවස තුනටත් කිට්ටු නිසා...

📩

ඇඳුමක් දාගෙන හදාගත්තු කිරි එක්ක බොන්න යද්දිම ෆෝන් එකට මැසේජ් එකක් ආවෙ යුන්ගිගෙන්.. එකක් නෙවෙ ගොඩක්...

🗨️මං පාක් එකේ ඉන්නෙ..

🗨️එන් නැද්ද?

Idol Husbands ||YM||✓✓Where stories live. Discover now