11

1K 187 100
                                    

"හියුන්!!"

එහෙම කෑගහමින් යොන්ජුන් ටේහ්‍යුන්ගේ ඇඟට පැනලා බදාගත්තම ටේහ්‍යුන් එයාව ඉක්මනින් වැළඳගත්තේ බොක්සි හිනාවෙන් හිනාවෙමින්. කවුරුත් අහළ පහළක නැති වෙලාවක මේ අයියයි මල්ලියි හැසිරෙන්නෙ මෙහෙමයි.

"දෙයියනේ හියුන් මං ඔයාට කිව්වා! ඔයා අනිවාර්යයෙන් ඔයාගෙ මේට්ව හොයාගන්නවා කියලා. මට ගොඩක් සතුටුයි." යොන්ජුන් කිව්වම ටේහ්‍යුන් එයාගෙන් ඈත් වෙලා හිනාවෙමින් හිස වැනුවා.

"හීනයක් වගේ යොන්ජුන්, අන්තිමේදි එයා මේ මාළිගාවෙම මාත් එක්ක ජීවත් වෙන්නයි යන්නෙ." ටේහ්‍යුන් සතුටින් කිව්වම යොන්ජුන්ට ලොකු ආඩම්බරයක් එයාගෙ හියුන් ගැන දැනුනා.

"සඳ දෙව්දුව ඔයාට හරිම කෙනාව තෝරලා හියුන්, රූපෙනුත් ගති ගුණවලිනුත් එයා ඔයාටම මවපු කෙනෙක්." යොන්ජුන් කිව්වම ටේහ්‍යුන්ට ලොකු ආඩම්බරයක් දැනුනා.

"දැක්කද ඔම්මගෙ මූණ, ඔයාගෙ මේට්ගෙ කතාබහින්ම එයාට තේරුනා ඔයාගෙ ඔමේගා ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා." යොන්ජුන් හයියෙන් හිනාවෙමින් කිව්වා.

"ම්ම්.. කොහොමද ඉතින් මේ ගෙවුනු මාස ටික හහ්? රාජ සභාව කොහොමද? මං ආවෙ ඒ ගැන කතා කරලා ඔයාව ඒ වැඩ වලින් නිදහස් කරන්න." ටේහ්‍යුන් හිඳ ගනිමින් කිව්වම යොන්ජුන් කළකිරීමෙන් හුස්මක් හෙළුවා.

"මතක් කරන්න එපා ඔය රැවුල් කාරයන්ව නම්. අනික මට පුලුවන් තව මාසයක් විතර එයාලව ආම්බන් කරන්න. ඔයා මොකද මේ මේට්ව හම්බවුනු අලුත මෙහෙ ඇවිත් මං ගැන බලන්නෙ හහ්? යන්න, ගිහින් එයා ගැන බලාගන්න." යොන්ජුන් කිව්වා.

"ඒත් යොන්ජුන්-"

"ඒත් මේත් නෙමේ ගිහින් එයත් එක්ක ඉන්න, හම්බවුනු අලුතම මේ වගේ එයාගෙන් ඈත් වෙලා ඉන්න එපා. පොඩ්ඩක් සමීපව ඇසුරු කරලා එහෙම.. ඊළඟට දන්නවනෙ?" කිව්ව යොන්ජුන් ඇහැක් ගැහුවම ටේහ්‍යුන් ඇස් දෙක රෝල් කරා.

"ඔහ් මගෙ ජීවිතේ අවධානමක දාගන්න ඕනෙ නෑ ඔය වැඩ කරලා." ටේහ්‍යුන් කිව්වම යොන්ජුන් ව්‍යාකූල වුනා.

"ඒ මොකෝ ඒ?"

"ආආහ් ඒකෙන් ඔයාට වැඩක් නෑ, කෝ සූබිනුයි පැටව්නුයි?"

Prohibition Of Empire 👑✨️ || (Complete)Where stories live. Discover now