Broken hearts💗
Episode 01
අයිති වෙන්නම ඕනෙ ආදරේ කරන්න කිව්වට හැමෝම ආදරෙ කරේ අතාරින්න බලාගෙන නෙවෙයි...ඒත් අවංකවම ආදරේ කරන අයට උනේ තනිවෙන්න...හරියට මම වගේ...
මගේ නම සාහි..වයස 22යි...මම හිටියේ කෝෆි ශොප් එකක කෝපි එකක් බිබී...මාත් ආදරෙන් පැරදුන කෙනෙක්...තියෙන වැස්සත් එක්ක කල්පනා කරනකොට මම ගියේ මීට අවුරුදු 3කට කලින් මතක වලට...💗
before 3 years
______________________________"අඩෝ ටග්ගාලා වරෙන් scl යන්න පරක්කු වෙනවා"
ඒ ඉටින් බෙරිහන් දෙන්නෙ මගේ අක්කා..අක්ක කිව්වට අපි දෙන්න ඉන්නෙ යාලුවො වගේ...මොකද අපි දෙන්න නිව්න්නු...අපි දෙන්නටම තිබ්බෙ එකම රූපේ...එයාගෙ නම සූහී ඒක නිසා අපි දෙන්නම ඉටින් ගොඩක් ආතල් අරන් තියෙනවා😂
මාත් ටග්ගාලා ලෑස්ති වෙලා ගියේ පරක්කු වෙන නිසා...අපි ගෙදරින් එලියට බහිනකොටත් 7.25යි...7.30 scl පටන් ගන්න නිසා මමයි සූහීයි සොනික්ගෙ ආච්චි වැහිලා වගේ bus hold එකට දිව්වා...
කෝමහරි scl එකට එනකොටත් 7.45යි...අපි යනකොට scl එකේ gate එක වහලා...ඉතින් අපි දෙන්නා තීරනේ කරා තාප්පෙන් පැනලා හරි scl එක ඇතුලට යන්න...මමයි සූහියි තාප්පෙ ලගට ගීම් අපි දෙන්නගෙම බෑග් තාප්පෙන් එහාපැත්තට උඩින් විසික් කරා...ඊටපස්සෙ මන් සූහිව උස්සලා තාප්පෙන් එහාපැත්තට දැම්මා...ඊටපස්සෙ මන් කල්පනා කරේ මන් යන්නෙ කෝමද කියලා...මොකද මාව උස්සන්න කවුරුත් හිටියෙත් නෑ...
එකපාරට මට දැනුනේ කවුරුහරි මාව උස්සනවා වගේ...මන් බලනකොට එතන හිටියෙ ලස්සන කොල්ලෙක්...අම්නේ එයාගෙ ලස්සන...ඒ ඇස්,ඒ කොන්ඩේ...කවදාවත් කොල්ලෙක් දැක්කාම මේම ලස්සනයි කියලා හිතිලා නෑ...මෙයාව දැක්ක ගමන් මට ඉන්නෙ කොහෙද කියලත් අමතක උනා...
"ඒයි ඉක්මනට එහාපැත්තට පනින්න ලමයෝ මාත් පනින්න ඕනේ"
ඒ කොල්ලා ඒම කිව්වාම තමා මටත් මතක් උනේ ඌ තාම මාව උස්සන් ඉන්නෙ කියලා...මන් ඉතින් ටග්ගාලා එහාපැත්තට පැනගත්තා...යකූ සූහියා නෑ ඒකිගෙ බැග් එකත් නෑ...class එකට යන්නැති...පාප සහෝදරිය😒💔
එතකොටම අර කොල්ලත් මෙහා පැත්තට පැනගත්තා...
"එහෙනම් baby මන් යනවා...පස්සෙ හම්බෙමුකෝ😉"
ඒම කියලා ඒ කොල්ලා යන්න ගියා...හත්තික්කෙ ඇහැකුත් ගැහුවා...හයේ😁මාත් ඉටින් බෑග් එකත් අහුලගෙන පන්තියට ගියේ පරක්කු වෙන නිසා...පන්තියට ගිහින් බොරු පචේකුත් කියලා කෝමහරි ගීම් වාඩි උනා...සූහියත් පන්තියෙ හිටියා😁
එතකොටම පන්තියට ආවේ
_________________________________
කවුද දන්නෑ ආවේ...කතාව හොදයිනම් vote comment කරන්න💗
yumi✍️