Episode 04

0 0 0
                                    

Broken hearts💗

Episode 04

මට දැනුනේ මගේ පපුව පිච්චෙනවා වගේ...තමන් ආදරේ කරන කෙනා තමන්ගෙම අක්කට ආදරේ කරන කොට මන් කෝමද ඒක දරාගන්නේ..සෝහු සූහිගෙන් කැමැත්ත අහයි...සූහිත් කැමති වෙයි...මම තනිවෙයි🙂💔

අද එතැන් සිට

____________________________________

at morning🌏

"ඒයි සාහි නැගිටින්න scl යන්න"

මට ඇහුනේ සූහි කතා කරනවා...මට අද scl ගිහින් තවත් දුක් විදින්න බෑ...අනික ඇගටත් අමාරුයි...ඒක නිසා මට ඕනෙ උනා අද නිදහසේ ගෙදරට වෙලා ඉන්න...

"අනේ සූහි මට අද ඇගට අමාරුයි වගේ ඔයාට තනියෙන් scl යන්න පුලුවන්ද"

"ඒ මොකද ඒ...උනද😐"

ඒම කියලා සූහි මගේ නලලට අත තිබ්බෙ උනද කියලා බලන්න

"දෙයියනේ සාහි ඔයාට හොදටම උනනේ😐"

"එහෙනම් ඔයා scl යන්න"

"හ්ම් මන් අම්මට කියලා යන්නම්"

ඒම කියලා එයා මට බෙඩ්ශීට් එකත් පොරොවලා කාමරෙන් එලියට ගියා...මන් හිතන්නෙ ඊයෙ මන් ගොඩක් ඇඩුව නිසා උන ගන්නැති😶‍🌫️එතකොටම කාමරේට ආවේ අම්මා💗

"මොකක්ද අර අක්කා කිව්වෙ උනද ලමයෝ ඔයාට"

එහෙම කියලා අම්මත් නලලට අත තියලා බැලුවා...

"දෙයියනේ සාහි හොදටෝම උනනේ...ඔයා තෙමුනද..කෝ නැගිටින්න බෙහෙත් ගන්න යන්න"

"අනේ ඕනෙ නෑ අම්මා මට බෙහෙත් එපා...ටිකක් රෙස්ට් කරාම හරියයි"

"හ්ම්ම් ඒනම් අපි තව ටිකක් බලමුකො.හැබැයි හවස් වෙනකොට අඩු උනේ නැත්තන් යන් බෙහෙත් ගන්න...මන් සුප් එකක් අරන් එන්නම්"

ඒම කියලා අම්මා මට පැනඩෝල් දෙකකුයි වතුර එකකුයිත් දීලා කාමරෙන් එලියට ගියා...

මම දැක්කෙ side table එක උඩ තියෙන අර ලේන්සුව...ඒක කාගෙද දන්නෙ නෑ.සචේන්ගෙවත්ද?නෑ නෑ ඒම වෙන්න බෑ...හෙට තමා හොයාගන්න වෙන්නෙ..අහ් බෑනෙ හෙට සෙනසුරාදනේ...සදුදට තමා බලන්න වෙන්නෙ...මට මතක් උනේ එක දවසක් සචේන් මගෙන් අහපු දෙයක්

(තද අකුරෙන් තියෙන්නෙ මතක් වෙන එක😁)

සෝහු - මේ මන් ඊයෙ දැක්කා කවුද මන්ද ලස්සන කොල්ලෙක් උබ දිහා බලන් ඉන්නෝ

සාහි - මොකක්🙄

සෝහු -ඔව් මන් දැක්ක කියල දැක්ක ගමන් ඌ ගියා

සාහි - අනේ ඉන්නවා බොරු නොකියා😂

මට මතක් උනේ එදා මන් සෝහුට බොරු කියනෝ කියලා හිනා උන හැටි...මේ ඒ කොල්ලවත්ද...අනේ මන්ද🥲දන්නෙම නැතිව හවස් උනේ මගේ උනත් ටිකෙන් ටික බහින කොට...වෙලාව 2යි..එතකොටම අක්ක මගෙ කාමරෙට ආවා...

"අහ් දැන් උන අඩුද?"

"ඔව් ටිකක්"

"හ්ම් මාර වැඩේනෙ අද මන් ලගට සචේන්ටත් වඩා ලස්සන කොල්ලෙක් මන් ලගට ඇවිත් ඇහුවා ඔයාගෙ නන්ගි කෝ ආවෙ නැද්ද කියලා"

"🙄ඒ කවුද ඒ"

"දන්නෑ..මන් කිව්වා නෑ ඔයාට ටිකක් සනීප නැති නිසා ආවෙ නෑ ඔයා කවුද කියලා"

"ඌ ඔයාට ලගදිම දැනගන්න ලැබෙයි නම්කි කියලා ගියා"

"නම්කි?වැඩිමල්ද අපිට වඩා😐"

"ඔව්ද කොහෙද...උබෙ කොල්ලද?"

"පිස්සුද යකූ😐"

"හරි හරි මන් යනවා කොල්- මන් කිව්වේ මේ යාලුවෙක්ට note ටිකක් දාන්න තියෙනවා"

"ඒයි ඒයි පොඩ්ඩක් ඉන්නවා මොකක්ද ඒ කියන්න ගියේ"

ඒම කියනකොටම එයා කාමරෙන් ගියා...කොල්ලා කියලද කියන්න හැදුවේ😐එතකොට අර කොල්ලා කවුද?අනේ මන්දා දන්නෙවත් නැති උන් මන් ගැන අහනවා..සෝහු ඇහුවෙ නැද්ද දන්නෙ නැ මන් ගැන😐

ඒම හිත හිත ඉන්නකොටම මගේ phone එකට notification එකක් ආවේ ලමයි විතරක් ඉන්න scl group එකෙන්...ඇවිල්ලා තිබ්බෙ photo එකක්...ඒක open කරනකොට ඒකෙ තිබ්බේ සූහියි සෝහුයි බදාගෙන ඉන්න photo එකක්...දන්නෙම නැතුව ඇස් වලින් කදුලු පැන්නෙ තිබ්බෙ වේදනාවට...ඊටත් වඩා මට තිබ්බෙ කේන්තියක්...මෙච්චර ඇවිත් කතා කරලත් කිව්වෙ නැති එකට.ඒකෙ තිබ්බ chat කියෙව්වෙ මොනාද වෙලා තියෙන්නෙ කියලා දැනගන්න.

group chat

- ammoo galapena joduva😂

- man hena amaruven oya photo eka gaththe😁

- eth mona unath matanm hithenne sohuta godak galapenne sahi😐

- ane mnda😂

- Un denna yalui kiyla sahi danneth nathuva athi😐

- ow

මන් phone එක පැත්තකින් තිබ්බෙ මට මන් ගැනම කේන්තියක් ආපු නිසා😖

___________________________________

ඊලගට මොනා වෙයිද?කවුද අර කොල්ලා?ඇත්තටම සෝහුයි සූහි යාලුයිද? අදහස් කියන් යන්න😁💗

yumi✍️

You've reached the end of published parts.

⏰ Last updated: Sep 13, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Broken hearts💗Where stories live. Discover now