🍁 14 🍁

217 28 55
                                    

Yibo ' s Pov.

මම ගියේ අද මගේ වැඩකට කෙනෙක්ව සීට් වෙන්න. ඒත් එයාව මීට් වෙන්න යද්දි මගේ හදවත් පිස්සුවෙන් වගේ ගැහුණා. මගේ පළවෙනි ආදරේ ළඟ ගාව වගේම ආයේමත් මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා. මගේ පළවෙනි ආදරෙන් පස්සේ ආදරයක් මට තිබුණේ නෑ. මොකද මට එයාට ඇරෙන්න තව කෙනෙක්ට ආදරේ කරන්න හිත හදාගන්න බෑ. මම හොඳ හුස්මක් අරන් මගේ පිස්සුවෙන් වගේ ගැහෙන හදවත පාලනය කරන් එතනට ගියා.

මම එතනට යද්දි මට මුලින්ම දැනුණේ මත්වෙන සුළු ටොෆි සුවඳ එක්ක මිශ්‍ර වුණු චොක්ලට් සුවඳක්.

එයා හිටියේ නම් මට පිටුපාලා. මම එයාගේ ඉස්සරහට ගිහින් හිටගෙන එයා දිහා බැලුවා.

තමන් අවුරුදු ගාණක පළවෙනි ආද⁣රේ අයිති කෙනා එක පාරටම තමන් එක්ක තරහ වෙලා ගියාට පස්සේ ආයේමත් පාරක් තමන්ගේ ආදරේ දකින්න ආසාවෙන් ඉද්ඳි එයා එකපාරටම තමන්ගේ මූණ ඉස්සරහට ආවම දැනෙන හැඟීම මොකක්ද.

මම වචන නැතුව හිරවුණා. එයා තාමත් ඒ විදිහමයි. කිසි වෙනසක් නෑ. ඒ ඇස්. ඒ තොල් ළඟ තියෙන උපන් ලපය. ඒ හිනාව. මම වචන දාහක් අස්සේ හිරවෙලා ඉද්ඳිත් එයා මට කතා කරා.

" එන්න ඇවිත් වාඩිවෙන්න මිස්ට වන්ග් යී⁣බෝ "

                 🍁 නිමි 🍁

🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨

🍁 අවසානයක්ද ආරම්භයක්ද කියා නොදනිමි. එහෙත් ඔවුන්ගේ කතාවේ අනාගතය ඔබලාට භාර කරමි.

🍁 මොකද මූන් බේබිස් හිතන්නේ මේ එක එක චරිත ගැන ? ⁣

🍁 මේ විදිහට නෙමේද අද ගොඩක් තැන් වල වෙන්නේ ?

සත්‍ය ජීවිතය කියන්නේ ෆැන්ටසියක්ම නෙමේ. ෆැන්ටසිය නමැති කඩතුරාවට එපිටින් ජීවිතය දෙස බලන්න. එවිට සත්‍ය ඔබට පෙනේවි.

මම දන්නේ නෑ මේක ඔයාලා බලාපොරොත්තු වුණම අවසානේද කියලා ඒත් මේක මම බලාපොරොත්තු වුණ අවසානය.

කතාවේ අන්තිමට හිතුණ දේ හැඟීම් වචනයකින් හරි කියලා යන්න කියලා මම ආරාධනා කරනවා මූන් බේබිස්.

කතාවට කමෙන්ට් , වෝට් දාන්න මූන් බේබිස්. කතාවට වෝට් කරන කමෙන්ට් කරන හැම මූන් බේබි කෙනෙක්ටම ගුඩාලියක් තැම්කුයි💚❤

- මම ඔයාලගේ වයිට් රෝස් ප්‍රින්ස් ❤️

My Silent Love  ( COMPLETED )Where stories live. Discover now