DC animal clinic
දහවෙනි පාරටත් මම මගේ ඔලුවට උඩින් ගහලා තියෙන පොල් ගෙඩි අකුරු කියෙව්වේ , හිතේ කොනක තිබ්බා චකිතයට..
"මිස්ටර් ඇතුලට යනවනම් යන්න ...බෝඩ් එක කියෙව්වා ඇතිනේ ??"
ගේට්ටුව ලග හිටිය ගාඩ් මන් ලගට ඇවිත් අහද්දි , මම ලැජ්ජවටත් එක්ක හිනා වෙලා බව්කරලා ,අතේ හිටිය cloud ඉන්න බෑග් එක තුරුලු කරන් clinic එක ඇතුලට ගියා..
"Stress වෙන්න එපා ෆෙලීක්ස් ..you can do it !! "
මම මටම මුමුනගෙන ඉස්සරහ දොර ඇරියා..
"අන්යොන්හසයෝ .."
දොරෙන් ඇතුල් වෙනවත් එක්කම මගේ ඇස් නතර වුනේ දිග පෝලිම් කාමර දෙක තුනකම තිබුන නිසා..කවුන්ටර් ගර්ල් කෙනෙක් මට ග්රේට් කරද්දි , මම එයාට ග්රේට් කරගෙනම එයා ලගට ගියා..
"ම්ම් ..මට දැනගන්න පුලුවන්ද මේ..පූසන්ට බේත් විදින කාමරය .."
"දේ..මේ ෆෝම් එක පුරවන්න ..අද නම් ඒ සම්බන්දව ඉන්නෙ ඩොක්ටර් ලිලී..එයාගෙ රූම් එකේ පේශන්ට් කෙනෙක් නැත්තනම් මම සර්ට කතා කරන්නම් දැනට ඉදන් ඉන්න.."
"කම්සම්මිදා "
ඒ ගර්ල්ට ග්රේට් කරපු මම , එයා පෙන්නපු තැනින් ගිහින් ඉදගත්තා..
"එයා ඉදීද ?? සමහර විට නැති වේවී .."
මම හිතින් කිව්වේ , වටපිටත් බලන ගමන්මයි..මම ගොඩක් nervous වෙලා..මටම ඒක දැනෙන්නේ මගේ කකුලක් මම දිගටම හොලවන නිසා..කකුල අත තියලම නවත්තපු මම Cloud ගේ බෑග් එක දිහා බලන් හිටියා..
තත්පර විනාඩි වලට හැරෙද්දි , දිගටම මම මගේ ඔලුවට උඩින් තියෙන ඔරලෝසුවට ඇස් ගෙනිච්චා..
YOU ARE READING
RAIN DROP 🌧️🤞💫 (Hyunglix)
Fantasyවැස්ස ....හරි ලස්සනයි ... මට වගේ වහින වෙලාවට ඔයාගෙත් "ඇහීම" මේ ලොකේ කවදාවත්ම මූනට මුන නොගැහුන කෙනෙක් ගත්තොත් ...