ක්‍රීං....ක්‍රීං.....ක්‍රීං....
ඒ පාසලේ සීනු නාදයයි.ශාන්ත මරියා පාසලේ 6 සිට 11 ශ්‍රේණි සිසුන් සදහා පාසල් අවසන් වීමේ සීනු හඩින් සියලුම ළමුන් තොරතෝංචියක් නැතුව පාසල් ගේට්ටුවෙන් පාරට පිවිසෙමින් සිටියා.එය ශීත සෘතුවේ මුල බාගයෙ දවසක් වූ නිසා මුලු පරිසරයේම පැතිරී තිබුනෙ ඝන අන්ධකාරයක්..අතලග එන වැස්සෙන් බේරීමට සිසුන් තම නිවෙස් කරා පය ඉක්මන් කලා..ලහි ලහියේ ගමන් කරන දෙතුන් දෙනාගෙන් සැදි ළමුන් කට්ටි මැදින් වෝහාත් තම නිවෙස බලා පා තබමින් සිටියා...
.
.
අද පාසල් දවස ගැන වෝහාගෙ හිතට හරි නෑ.හොදම යහලුවා සමග දවසක් තරහ වෙලා ඉන්නව කියන්නෙ ලේසි දෙයක් නෙමෙයිනෙ..ඇයට උවමනා උනෙ බොරු අසනීපයක් අරන් අද හවස තියන ෆුට්බෝල් මැච් එකට නොයා ඉන්නයි..සරත් නිවාඩුවෙන් පස්සෙ යාලුවො එක්ක මේ වගෙ ගමන් යන එන එක වෝහාට තහනම් වෙලයි තිබුනෙ.ගිය වාරයේ පංතියෙ 3න් වෙනියා උන නිසා අම්මගෙන් ලැබුන දඩුවමයි ඒ..කොහොම උනත් මේ දේවල් නිසා තම හොදම මිතුරියගේ හිත රිදවන්න වෝහාට ඕන උනෙ නෑ.ඒත් දැන් උනෙත් ඇය අකමැති දේමයි..
.
.
පාසලේ දේවල් වලින් ඇගේ හිත තවමත් පියවි සිහියට ඇවිත් නෑ වගෙයි..නොදැනුවත්වම ඇය ඇවිත් තිබුනෙ st.මේරි පටුමගට..මේ පලාතේ ජීවත් වෙන ඕනම කෙනෙක් දන්නව මුලු st.මේරි පටුමගටම කිසිම මනුෂ්‍ය වාසයක් නැතිබව..අවතාර, පිල්ලි රෑ ජාමෙ විතරක් නෙමෙයි මහ දවල් පවා මේ පාරේ තනියෙන් ගමන් කල ඇතැමෙක් දැක තියේලු..අත්හැර දාපු කඩවල්, දිරාගිය ගෙවල් පියසි ඇරුනම වටේටම තියෙන්නෙ ඝන කැලෑව..කිසිම මනුෂ්‍ය ප්‍රාණයක් නැති නිසාදෝ මේ වීදියේ කෙලවරට යනකම්ම තියෙන්නෙ නොනවතින අදුරක්..වසන්තයේ දවසක දවල් වරුවකට පවා මේ පාර පහු කරන් යනවුන් අතර අවතාරයක් හෝ පිල්ලියක් දුටු එකෙකු දුලබ නොවේ..
.
.
.
වෝහාගෙ ගෙදර තිබුනේ පාසලේ ඉදන් තරමක් දුරින්.බසයේ අවසාන ගමනාන්තයෙන් බැසගත් ඇයට නිවසට යාමට මිනි.10ක පමණ දුරක් පයින් ඇවිද යාමට සිදූ උනා.ඒවගේම ඇගේ නිවසට යන කෙටි මාර්ගය වැටී තිබුනෙ st.මේරී වීදිය අසලින්..ගිනි ගහන දවල් වරුවකටවත් කිසිවෙක් අඩිය නොතියන මේ පටුමගෙ පා අඩි 20ක් පමණ ඇතුලට වෝහා ඇවිද යමින් සිටියා..එක්වරම අහස තවදුරටත් බර වෙමින් මහ ධාරානිපාත වර්ශාවක් වහින්නට පටන් ගත්ත..වෝහා ලගම තිබුනු වහලක් යටට දිව ගියේ පොත් ටික නොතෙමී තබාගැනීමෙ අරමුණෙන්..කෙසේ උනත් ඇගේ යුනිෆෝමයත් පොත් බෑගයත් සම්පූර්ණයෙන්ම තෙමී ගිහින්..මෙතෙක් වෙලා සිටි ලොවෙන් පියවි ලොවට පැමිනි වෝහා තමා සිටින්නෙ ශාන්ත මේරී පටුමගෙ අත් හැර දැමූ දිරාපත් වෙමින් යන නිවෙසක බව තේරුම් ගත්ත..කුඩයෙන් ගෙදර යන්න තරම් වැස්ස වැඩී..ඇය දෑත් වලින් තම උරහිස් මිරිකා ගනිමින් අහස දෙස බලන්නට උනා..