❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
නිරුවත් දෙපාවලට පැගෙන හිම පියළි මතින් ඇවිද ගිය ඔහු එක්වරම නැවති සුසුම් හෙලන්නට වූයේ වලාකුලු අසපුවේ තිබෙන සුන්දරත්වය විදිමින්.. මේ ගෙවෙන්නෙ නොවැම්බර් මාසයෙ අග භාගය නිසා පරිසරය වෙනදාට වඩා සීතල වි හිම පියලි වැටෙන්නට පටන් ගත්තෙ ලග ලගම එන ශිත කාලය ගැන හැමොටම මතක් කර දෙමින්. වලාකුලු අසපුවේ තැන තැන ඇති කුඩා පාලම් වල අත්වැටිද හිමෙන් වැසිමට පටන් ගෙන ඇත. ඔහු සෙමෙන් ඒවායෙ ඇති හිම තට්ටු පිසදාන්න වූයේ ඈත අතීතය ගැන නිමක් නැති කල්පනාවක අතරමං වි.
මේ ගෙවෙන්නෙ ඔහු වලාකුලු අසපුවේ ගෙවන තුන්වෙනි අවුරුද්දයි. ඇත්තෙන්ම අතීතය අදුරු වලාවක් නම් වලාකුලු අසපුව යනු එහි ඇදුණු රිදි රේඛාවක් බව ඔහු හොදින්ම දැන සිටියේය. අහම්බෙන් ඔහුගෙ ජිවිතයට පැමිණි ඒ මෘදු සිනහාවෙ අයිතිකරු දැන් ඔහුගෙ මුලු ජිවිතයම වි හමාරය. ඇත්තෙන්ම ආදරයකට පුලුවන්ද කෙනෙක්ගෙ ජිවිතය වෙනස් කරන්න . ඔහුට අවශ්‍ය වුයේ මේ ලොකෙ ජිවත් වන කාගෙන්හො උණුසුම් වැළද ගැනිමක් පමණි. ඉතින් දැන් ඔහුට ලැබෙන මේ උණුසුම් වැළදගැනිම ඔහු කෙසෙ දරාගන්නද. ඒ උණුසුම් වැළදගැනිමට පුළුවන් මේ මුලු වළාකුළු අසපුවේම හිම දිය කර දැමිමට . එය ඒතරම්ම උණුසුම් ..
තවමත් පාලම් අත්වැටියට හෙත්තු වි සිටි ඔහු සෙමෙන් එයින් බැස යන්නට විය. ජින් ගුඅංයාඕ එහෙමත් නැත්නම් කවුරුත් දන්නා අවජාතක පුත්‍රයා . කිසිම කෙනෙකුගෙ ආදරය , සෙනහස නොලැබු ඒ අවසානාවන්ත පුද්ගලයා ඔහුයි. වලාකුලු අසපුවම වෙලාගෙන ඇති හිම තට්ටු මතින් ඇවිද ගිය ඔහු නැවත වරක් නතර වුයේ වලාකුලු අසපුවෙ කෙළවරින් ගලා යන ගංගාව අසලින් ය. එය දැන් වෙනදා මෙන් වෙගයෙන් ගලා යන්නෙ නැත. මන්ද මේ දරුණු සීතල සමග පැමිණි හිම පියලි එහි මාර්ගය අවහිර කරගෙන සිටි. අසල ඇති ගල් පර්වතයක් මතින් හිදගත් ඔහු ඈතින් පෙනෙන විශාල මැග්නෝලියා ගස දෙස බලන්නට වූයේ මහත් වුවමනාවෙනි. කෙතරම් වෙලා බලා සිටියත් හිම පියළි ආක්‍රමණය කල මැග්නෝලියා ගස අසලින් ඔහු බලාපොරොත්තු වූ රුව පැමිණියෙ නැත. දැන් දින ගණනාවකින් ඔහුට ඔහුගේ ආදරවන්තයාව මුණගැසි නැත. ඔහු මේ දිනවල බෙහෙවින් කාර්යබහුල වි ඇත.
YOU ARE READING
එක උණුසුම් වැළදගැනිමක්..
Romanceඑක උණුසුම් වැළදගැනිමකට මොනතරම් දෙයක් කරන්න පුලුවන් ද .. දන්නවාද ඒ වැළදගැනිමට පුලුවන් සීතලට ගල් වුන මහා හිම කන්දක් උනත් දියකරන්න..❤️