************************************
"හනා...හනා..කොහෙද දරුවෝ ඔයා..."
"උත්තමාවියනි.."
තරුන යූනා, මැදිවියේ පසුවන චෝයි ආදිපාදවරියට දිවවිත් ආචාර කරේ හනා වෙනුවටයි..
"යූනා...කෝ හනා.."
"උත්තමාවියනි කුමරිය...මේ...."
"ආහ්...මේ කෙල්ල නම්..අදත් හොරෙන් අසු පදින්න ගියා නේද? යූනා මට ඇත්ත කියන්න..."
"උත්තමාවියනි..ඇත්තටම මේ..."
"මමා...."
දුරින් ඇසුනු හනා කුමරියගේ කටහඩ නිසා චෝයි ආදිපාදවරියගේත් යූනාගෙත් සංවාදය මදකට නතර උනා...
මද හිරු එලිය මැද්දෙන්, පින්න වැටුන විශාල තණ පිට්ටනිය දිගේ තම අශ්වයාවත් කර පටියෙන් අල්ලන් අරගෙන එන හනාගෙන් දිස්වුනේ කදුකර සුරගනකගේ පෙනුමක්..
හනා...
චෝයි හනා..
ජේජු දූපතේ පාලනය භාර චෝයි ආදිපාදවරයාගේත්, චෝයි ආදිපාදවරියගේත් එකම දියනිය..තවමත් පහලොස් හැවිරිදි වියේ පසුවුනු ඇයට හිමිවුනේ හරිම ලාමක, අහිංසක පෙනුමක්..ඝනට වැඩුනු පිරිපුන් කේශකලාපය, පිම්බුන රෝස කම්මුල්, හිමවන් සුදුමැලි සම ඇයට සුරගන වෙස් ලබා දී තිබුනා..නිදහසට මුල් තැන දුන් ඇය කවදත් ප්‍රියකරේ නම් හුදකලා බවයි..ඒ නිසාම හනා තමන් ජීවත් වෙන විශාල මංදිරයෙන් ඈත් වෙලා අවට තියෙන කැලෑ රොදවල්, දිය ඇලි, තණ පිට්ටනි, විල්ලු වල ගත කරන්න තම සුරතල් අශ්වයා වන රේචල් එක්ක පූරුදු වෙලා හිටියා..
YOU ARE READING
𝙊𝙣𝙘𝙚 𝙪𝙥𝙤𝙣 𝙖𝙣 𝙪𝙨👑️💫💍
Fanfictionවස්සානයේ හිරුට පෙර පිබිදුන රෝස කුසුමේ... එන්න.... වරක් අප මතින් අපේ කතාවට ආදරෙන්💖