From previous blossom :
හනා කල්පනා ලෝකෙන් ගිලෙමින් නොදැනුවත්වම කලින් දැක්ක කැලෑවේ ඇතුලටම ගිහින්...හෙමින් හෙමින් වටපිටාවේ අසිරිය විදිමින් ගිය හනා දැක්කේ විශාල ගසකට ලස්සන කාන්තාවක් තම අත් වලින් මැදිකරගත් හැඩිදැඩි පුරුශයෙක්....
Back to the Blossom :
එක්වරම ඒ දෙදෙනා එකිනෙකාව සිපගත්තේ හනාව තවත් පුදුම කරවමින්...
පොතපතින් එහාගිය ලෝකයක මේ වගේ දෙයක් නම් සැබෑ ලෝකෙදි හනා දැකලා තිබුනේ නෑ...
සිප ගැනීම අවසානයේ යුවල එකිනෙකාගේ ඇස් දිහා බලන් නිහඩ කතා බහක...අනික් පසින් කටත් ඇරන් හනා තවත් ලෝකයක අතරමන් වෙලා..
"ඕහ්හ්හ්හ් සාරා...ඔයාගේ මේ දෙතොල් නම් ඇබ්බැහියක්...දිනෙන් දින ඔබ මාව පිස්සු වට්ටනවා..."
ඒ හැඩිදැඩි පුරුශයා කිව්වේ ඒ සුන්දර කාන්තාවගේ රත් පැහැ දෙතොල් මතින් ඔහුගේ දිගු අතැගිලි සියුම්ව පිරිමදිමින්...
"සාරා? කවුද සාරා? තමුන් නම් මහ බොරුකාරයෙක්..හැමදාමත් වෙන අයගේ නම්මයි මට කියන්නේ...මං මිශෙල්...මිශෙල්! නැහැදිච්ච මිනිහා..."
එහෙමම ඒ පුරුශයගේ කනට ගැසු කාන්තාව එතනින් දිවගියේ හනාටත් උන දේ තේරුම් ගන්න බැරුව..
"මෙච්චර සරාගීව සිප ගත්ත කාන්තාවගේ නමවත් ඔහු දන්නේ නැද්ද? ඒ කතා බහෙන් නම් පේන්නේ ඔහු සල්ලාලයෙක්ද කොහෙද! "
එක්වරම හැරිලා වෙනතකට ඇදුන පුරුශයා නම් හනාව දැක්කේ නැත්තේ හනා ඉදිරියෙන් තිබුන විශාල පදුරු ගොන්නට පිං සිදු වන්න...
අන්න එතකොටයි හනා ඒ පුරුශයගේ මූන දැක්කේ...නිරෝගී පිරිපුන් සිරුරටම ගැලපෙන පැහැදිලි දිදුලන මුහුන, කාන්තිමත් ඇස්, මුහුනටම ඔබින නාසය සහ පිරිපුන් දෙතොල්..
YOU ARE READING
𝙊𝙣𝙘𝙚 𝙪𝙥𝙤𝙣 𝙖𝙣 𝙪𝙨👑️💫💍
Fanfictionවස්සානයේ හිරුට පෙර පිබිදුන රෝස කුසුමේ... එන්න.... වරක් අප මතින් අපේ කතාවට ආදරෙන්💖