ශීත සෘතුවේ ලන්ඩන් නගරයට මුල්ම හිම පතනය සිදුවන මොහොතේ cafe එක ඇතුලේ වෙනදටත් වඩා ටිකක් සෙනඟ පිරුණු මොහොතේ මං customers ලගෙන් orders අරන් එන්න table එකක් එකක් ගානේ යන අතරේ එක් hazel ඇස් දෙකක් මේ මුළු සතිය පුරාම ඒ කෙලවරකට වෙන්න තිබුණ table එකේ ඉඳගෙන ඉඳියා .මං ඇය ළඟට යද්දි ඇය සිනාමුසු මුහුණකින් මා දෙස බලා සිටි මොහොතේ " මිස් මොනවද order කරන්නේ " මං එලෙසම හිනාවෙලා අහද්දි ඇය " ඔයාව " කියද්දි මං පුදුමෙන් එයා දිහා බලන් ඉදලා " මිස් " එහෙම අහද්දී එයා...
" ඇයි මං ඉල්ලුවේ වැරදි දෙයක්ද ? " මං ඒ වෙලාවෙ ලැජ්ජාවටම අනිවාර්යයෙන් රතු වෙන්න ඇති ඒත් එයා එකපාරටම " මං විහිලුවක් කලේ ... ම්ම්ම්ම් අද ටිකක් සීතල නිසා මට coffee එකක් ගේන්න " ඇය එලෙස කියද්දී මං ඒකත් මගේ note book එකේ සටහන් කරලා හිනා වෙලා මං එතනින් ඉක්මනට අයින් වෙලා අනිත් customers ලගෙනුත් order අරන් ඒ orders ටික භාර දීලා ආපහු orders ටික දෙද්දි එයාගේ coffee එකත් මං දෙනකොට මගේ ඇස් දිහා කෙලින් බලාගෙන " ආ මෙන්න ඉතුරු ටිප් එකක් විදිහට තියා ගන්න " කියද්දි මට ...
" හෝසෝක් ඉක්මනට ඇවිත් මේ අනිත් orders ටිකත් අරන් යනවා තව customers ලා ගොඩක් ඉන්නවා " කියද්දි මං ඉක්මනට එතනට යද්දි බොස් " අද වැඩට කට්ටිය අඩු නිසා හරියට වැඩ ටික කරනවා නැත්නම් තමුන්ගේ රස්සාව ඉවරයි " එහෙම කියලා බොස් මට බනිද්දි මං සමාවත් අරන් ඉක්මනට orders ටික ගිහින් දීලා ටිකකට පස්සේ අර girl bill එක pay කරලා මං දිහාත් බලලා යනවා මගේ ඇස් කොනෙන් වගේ මං දැක්කත් මං ඒ පැත්ත බැලුවේ නැත්තේ boss දැක්කොත් මට රස්සාවත් නැති වෙනවා කියලා හොඳටම දන්න නිසයි .
.
.
නිවාඩු දවස් දෙකේම වැඩියෙනුත් වැඩ කරපු මට ඊළඟ දවසේ උදේ නැගිටින එක ගොඩක් අමාරු වුණා . ඒත් ඒ අමාරුකම් පැත්තකින් තියලා සැන්විච් දෙකක් තුනක් හදලා ඒකත් ඉක්මනට කාලා මං ලන්ඩන් විශ්වවිද්‍යාලය ඇතුලට ගියේ දවසේ පළවෙනිම lecture එක මඟහැර ගන්න ඕනි නැති නිසයි ...
මං ඇතුළට යද්දී lecturer ඇවිත් නොතිබුණ නිසා ඉඩ තියෙන් තැනක් හොය හොය යද්දි මං දැක්කේ එදා cafe එකේ හිටපු girl ඉඳගෙන මං දිහා බලන් ඉන්න හැටියි . එයාව මං දැකලම නෑ . කොහෙ දකින්නද මං කිසිම කෙනෙක් දිහා බලන්නෙවත් නම් දන්නෙවත් නෑනේ .
YOU ARE READING
нαʑєℓ єуєѕ |JHS|| GxB✔
Короткий рассказහිතම වෙලාගත් අමුතු කාරණාවක් මගේ හිත යට සැඟව තිබුණා කලක් යනතුරු කුමක්දැයි මේ නුහුරු නුපුරුදු හැඟුම මා හිතින් විමසුවා Hazel දෑසක් නිතර මුමුණපු කථාවක් එය තුළ තිබූණා ඒ ඇස් පැවසුවේ ම සපත කරවා ඔබ ඔය සිතෙහි අති නුපුරුදු හැඟුම ආදරයම යැයි කියලා .... ( cov...