episode 20

137 17 4
                                    


හිතේ හැටියට වොෂ් දාගත්තට පස්සෙ ජන්කුක් කාමරේට ආවෙ ටේහ්‍යොන්ග් කාමරේ ඇති කියල බයෙන්. කලින් වතාවෙ ඇඳුම් ටික අරගෙන බාත් රූම් එකට ගියත් මේ වතාවෙ ටේහ්‍යොන්ග් ඇඳුම් හොයල තියන්නම් කියල පොරොන්දු උන නිසා ජන්කුක් ට බාත් රූම් එකෙන් එන්න සිද්ධ උනේ ටවල් එක පිටින්. කොහොම උනත් ටේහ්‍යොන්ග් කාමරේ ඉදපු නැතිඑක නම් ජන්කුක් ට කියාගත්ත බැරි තරම් සහනයක් උනා.

ටේහ්‍යොන්ග් තියල ගිහින් තිබුණ ඇදුම ඇදගත්ත ජන්කුක් ට දැනුනෙ පුදුම සැහැල්ලුවක්. ඒ සුදුපාට ටීෂර්ට් එක පුළුවන් තරම් සැහැල්ලුයි වගේම සනීපයි. ජන්කුක් හොඳ හුස්මක් අරගෙන ඇඳෙන් ඉදගත්තා . නිදිමතක් දැනුනත් තාම ටේහ්‍යොන්ග් ආවෙ නැති නිසා ජන්කුක් හිතුවා ටේහ්‍යොන්ග් එනකන් ම ඉන්න. ඇදට වෙලා ටික වෙලාවක් ෆෝන් එක චෙක් කර කර ඉදපු ජන්කුක් ටේහ්‍යොන්ග් ආවම ෆෝන් එක පැත්තකින් තිබ්බා.

" තෑන්ක්ස්..."

ජන්කුක් කිව්වෙ හිනාවෙලා.

" ඕක තෑන්ක්ස් කරන්න දෙයක් නෙවෙයි ළමයෝ.. ඔයාගෙ ඇඳුමුත් තාම මගේ ලඟ. "

ටේහ්‍යොන්ග් කිව්වෙ අල්මාරියෙන් අලුත් බ්ලැන්කට් එකක් ගන්න ගමන්. ඒ වෙලාවෙ තමයි ජන්කුක් ට නෝට් උනේ එයා බාත් රූම් යන්න කලින් තිබුණ ඇඳ රෙදි වගේම කොට්ට උර පවා ටේහ්‍යොන්ග් මාරු කරලා කියල . ජන්කුක් ට දුක හිතුනෙ ටේහ්‍යොන්ග් එයා නිසා කරදර වෙනවා කියල දැනුන නිසා.

" ඔයා මේ ඔක්කොම මාරු කරාද? මම නිසා එහෙම කරන්න ඕන නෑ"

ජන්කුක් කිව්වෙ pout එකක් හදාගෙන.

" ඒකට කමක් නෑ. මම කොහොමත් සතියකට වතාවක් මේවා මාරු කරනවා. මේ වතාවෙ දවස් දෙකක් කලින්. එච්චරයි ."

ටේහ්‍යොන්ග් හිනා වෙලා බ්ලැන්කට් එක ජන්කුක් ගෙ ඇඟට දාලා රූම් එකේ ලයිට්ස් ඕෆ් කරා.

" නින්ද යන්නැත්තම් කියන්න . තනියම ඇහැරන් ඉන්න එපා. "

ටේහ්‍යොන්ග් කිව්වෙ ඇඳෙන් හාන්සි වෙන ගමන්. ජන්කුක් ඔලුව වැනුවෙ ලයිට්ස් ඕෆ් කරලා කියල අමතක වෙලා. හොඳ හුස්මක් ගත්ත ජන්කුක් ඇස් දෙක තද කරලා වහගත්තා. ටේහ්‍යොන්ග් උනත් වැඩිය කතා නොකරම ඇස් දෙක වහගත්තෙ ජන්කුක් කලබල වෙයි කියල හිතලා. ටික වෙලාවක් යද්දී ටේහ්‍යොන්ග් හීනිවට ගොරවන හඬක් ඇහුණ නිසා ජන්කුක් හැරිලා ඒ පැත්ත බැලුවා. ටේහ්‍යොන්ග් සැපට නිදි. නින්ද අහලකවත් නැති ජන්කුක් ටේහ්‍යොන්ග් ගෙ මූණ දිහා බලන් හිටියෙ අරමුණක් නැතුව.
සන්සුන් විදියට නිදාගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහා ටිකක් වෙලා බලාගෙන ඉදපු ජන්කුක් අනික්පැත්තට හැරුනෙ නිදාගන්න කියල . ඒත් ජන්කුක් ට පොඩිම නිදිමතක් වත් තිබුණෙ නෑ. ඇස් දෙකත් වහගෙන හුස්ම ගන්න එකට අවධානය දුන්නෙ සමහර දවස් වලට එහෙම කරාම ජන්කුක් ට නින්ද යන නිසා. ඒත් හිටි හැටියෙම ඇඟට වැටෙන්න ගත්ත ටේහ්‍යොන්ග් ගෙ අතපය නිසා ජන්කුක් ට ඒ උත්සාහයත් අතෑරලා දාන්න සිද්ධ උනා.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 18 ⏰

Add this story to your Library to get notified about new parts!

Love Me Again Where stories live. Discover now