සුපුරුදු පරිදි මගේ පොත් ටික ලොකර් එකට මං දාල අනිත් පැත්ත හැරෙද්දී ම කන පැලෙන්න ම හයියෙන් කෑ ගැහුවේ මගේ අතිජාත මිත්තරයා වෙච්චි ලකී....
" හාලෝ... කෙල්ල කෝමද ඉතින්...ඔයාව දැක්කේ ගොඩ කාලෙකට පස්සේ සුදූ....."
කියලා ඉස්කෝලේ මැද මේකි මාව බදා ගත්තා....
"තමුසෙට පිස්සුද ඕයි...?නැත්තන් උපන් හැටි ද...?දැන් විනාඩියකට කලින් නේ මාත් එක්ක ආවේ....." කියලා මං ලකීට කෑ ගැහුවා....
ඒත් එක්ක ම මං දැක්කේ කොරිඩෝවේ අනිත් පැත්තේ ඉදන් මේ දෙසට සංක්‍රමණය වෙන මගේ ආකර්ෂණීය ක්‍රෂ් එක ලූකා......
එයාව දැක්ක ගමන් මං සයිලන්ට් යනවා...මොක ද කොල්ලෝ ඉතින් කැමති සාන්ත දාන්ත් තීන්ත කුප්පි වගේ ඉන්න සයිලන්ට් කෙල්ලන්ට නිසා...😎මං හිමීට ලකී ව පැත්තකට ඇදලා කොන්ඩේ එහෙම ලස්සනට හදා ගෙන ටක් ගාලා ලිප්ස්ටික් පොඩ්ඩක් ගා ගත්තා....
"හා....හායි ලූකා..."මන් කොල්ල ලං වෙද්දි ම කිව්ව...
පුදුමේ කියන්නේ මෙච්චර කල් මං දිහා නොබලපු මේ කොල්ල එකපාරට ම මට මෙහෙම කිව්වා..."ආ...කොහොමද හේසල්...!"
එහෙම කියලා මට අතත් වනා ගෙන එයා ක්ලාස් එක පැත්තට ගියා..."වෝව්...ඒ මොකක්ද ඒ වුනේ...?
ලකී ඇහුවේ තාමත් බාගෙට සිරික්කිය දාගෙන අතත් වන වනා ඉන්න මං දිහා බලලා....
"හ්..හෑ...මොකක්ද කිව්වේ...මට නිකන් මොකක්ද වුනා වගේ ලකීයො....මගෙ වන් ඇන් ඔන්ලි ක්රස් එක මට හායි කිව්වා නේද....🤤
අද දෙය්යින් අපගේ මූන බැලුවා කාලෙකට පස්සේ.....කියාගෙන මන් ලකීවත් ඇදගෙන ක්ලාස් එකට ගියා.....
අපේ ක්ලාස් එක බාර මිස් ඇලස්ට.මැදිවියේ කෙල්ලක්.මොනා වුනත් හරි හොඳ මිස් කෙනෙක්.හැබැයි ඉතින් කේන්ති ගියහම වසයි....
කෝමින් කෝම හරි මිස් පාඩම කියවගෙන යද්දී මං මනෝ පාරක් ගගහ හිටියේ මගේ ක්‍රෂ් එකෙයි මගෙයි වෙඩිම ප්ලෑන් කරන ගමන්...
" ළමයි,අද අපේ පන්තියට අලුත් ළමයෙක් ඇවිත් ඉන්නවා.මේ ඉන්නේ නික්..."
කියලා මිස් ඇලස් අලුතින් ආපු ලමයෙක් ව හඳුන්වා දුන්නා...
"අය්යෝ..........."කියාගෙන මම නැගිට්ටා....
එකපාරට ම හැමෝම බයවෙලා මං දිහා කන්න වගේ බැලුවා...එතකොට තමයි මතක් වුනේ මගේ මනෝපාර ඇතුළේ වෙඩින් රින්ග් එක නැති වෙච්ච එකට හයියෙන් කෑ ගහලා කියලා...(ඕනවටත් වැඩිය හය්යෙන්...)
"හේසල්....? ඔයා හොඳින් නේද...?" මිස් මගෙන් ඇහුවහම කියා ගන්න මුකුත් නැතුව මට කියවුනේ මේ ලෝකේ තිබ්බ සවුත්තු ම එක්ස්කියුස් එක...
"ආ...අ....මිස්..ඇත්තට ම කිව්වොත් දැන් නම් මට ගොඩක් අමාරුයි..." කියලා කියා ගෙන ම මං පන්තියෙන් එලියට දුවන් ගියා...
ඒ අල්ල පනල්ලේ කාගෙ හරි ඇඟෙත් ලාවට වගේ සමහර විට හැප්පුනා වගේත් පොඩ්ඩක් මතකයි 😁
කොහොම හරි මන් ආයෙ ක්ලාස් එක පැත්තට එනකොට ම මං දැක්කා ලූකා මේ දිසාවට සංක්‍රමණය වෙන වග.ඉතින් මං ඔය කෙල්ලන්ගේ තියෙනවාලුනෙ 64 මායම් කියලා.අන්න ඕකින් එකක් පාවිච්චි කරන්න තීරණය කළා.
ලූකා මගේ ළඟින් යද්දී ම මම ඇස් දෙක පියාගෙන බොරුවට පැටලිලා වැටුණා.
"ඔයා හොඳින් ද...?"
මාව අල්ලගත්තු ඒ අත්වල අයිතිකාරයා මගෙන් ඇහුවා..
මමත් ඇස් හෙමිහිට අරින ගමන් ම මෙහෙම කිව්වා.
"ආ...ඔව්..මට ස... ආහ්.😮"
ඔව් ඔව්...ලූකා නෙමෙ තමා ඒ.
එතන හිටියේ කවුද දන්නව ද..?හැකිනම් කියාගෙන යන්න....
YOU ARE READING
My Sunflower
Romanceපිස්සු කෙල්ලෙක්... නිහඬ කොල්ලෙක්... ආදරයක් ද? ආකර්ෂණයක් ද..? තෝර බේර ගන්න බැරි ව දෙලොවක අතර මං වුණු කෙල්ලෙක්ගේ ස්ටෝරියක්....