" ෆූෆ් ! සෝ බෝරින්ග් !! "
ඈනුමක් යවන ගමන් ටේබල් එකකින් වාඩි වුනු සෙමී එයාගෙ පපා දිහා බලාගෙන හිටියා...
ලස්සන හිනාවක් එක්ක හැමෝමත් එක්කම එයාගෙ පපා කතා කර කර ඉද්දි සෙමී දැක්කා එයාගෙ මමත් පපාගෙ එහාපැත්තෙන් හිටන් ඉන්නවා...
ජන්ග් සෙමී ! සුප්‍රසිද්ධ හෝප් ව්‍යාපාර ජාලයේ සභාපතිතුමාගෙ එකම දුව..
එයා එයාගෙ පපා වගේවත් මමා වගේවත් නෙවෙයි..
එයාගෙ පපා හැමදේටම හිනාවෙලා වටේම එළිය කරන් ජොලියෙන් ඉන්න චරිතයක්...
එතකොට සෙමීගෙ මමත් සෙමීගෙ පපාටම හරියන්න හැඩගැහුනු කෙනෙක්...
එතකොට සෙමී !
අපෝ ! සෙමීටනම් එයාගෙ පපාගෙයි මමාගෙයි මේ විකාර වැඩ පෙන්නන්න බෑ !
එයාගෙ වීව් එකට අනුව ඒ වගේ පිස්සු නටන්න සෙමීට කොහොමටවත් ඕනෙ උනේ නෑ..
සෙමී කියන්නේ පිස්සු චරිතයක්..
ඒත් ඒ එයාගෙ රූම් එක ඇතුළෙදි වගේම යාලුවො එක්ක ඉද්දි විතරමයි !
එතනින් පිටතදි සෙමී කියන්නේ සීතල චරිතයක්..
අනික් එක..
සෙමීට පෙන්නන්නම බැරි දේ තමයි බර්ත්දේ පාටීස් !
විශේෂයෙන්ම එයාගෙ පපා ඇරේන්ජ් කරපු බර්ත්දේ පාටීස් !!
ඒවා සේමීට අනුවනම් හරියටම කිව්වොත් බිස්නස් පාටීස් ..
එහෙමත් නැත්තන් හැත්තෑව දශකයේ විදිහට ඇරේන්ජ් කරපු බෝරින්ග් ස්ලෝව්ලි බර්ත්දේ පාටීස්...
එහෙමත් නැත්තන් භාවනා මධ්‍යස්ථාන වගේ දෙයක් !
සෙමීගෙ පපා ආදි කාලෙ ස්ටයිල්ස් වලට හුගක් කැමති කෙනෙක්..
ඉතින් එයාගෙ පපා ඉඩක් ලැබුනු හැමවෙලේම ඒවා අත් හදා බලනවා..
හැබැයි ඉතින් හුගක් ඒවා හරියන්නෙ නම් නෑ...
සෙමීගෙ පපාගෙ මේ විකාර වැඩ නිසා වැඩියෙන්ම කරදර සිද්දවෙන්නේ සෙමීටයි එයාගෙ පුංචි නසරානි මල්ලි බබාටයි තමයි...
හැබැයි ඉතිම් පුංචියි කිව්වට අවුරුදු දාහතක් !
ජන්ග් ජිමින් !
YOU ARE READING
Sweet As Wine || JJK || Sinhala
Fanfictionකොහොමද ! ඔයා කොලේජ් එකේ වැඩිපුරම වෛර කරන කෙනා අතින් ඔයාව ප්‍රෙග්නන්ට් උනොත් ! මුලු ජීවිත කාලෙටම එයා එක්ක ජීවත් වෙන්න උනොත් ! දෙයක් කියන්නද ? ( මං නම් එහෙම උනොත් පැත්තකවත් ඉන්නෑ උගෙ හෙවනැල්ලක්වත් නැති පැත්තකට පැනලා යනවා )