Chapter 02

70 12 6
                                    

( ළමයි , මෙතන ඉදන් යන්නේ සෙමීගෙ pov එකෙන් )

මම පාටි එක තිබුනු හරියෙම අස්සකට වෙලා ඉදගෙන හිටියේ...පපයි ජූන් අන්කලුයි බරටම කතාව...ලෝකෙ කඩාගන වැටුනත් එයාලට ගානක් නෑහ්...ඒ අස්සේ අර බෝරින්ග් සෝන්ග්ස් !!

ෆූෆ්...පපාට කොච්චර කිව්වත් අහන්නෑනෙ මේ කාලෙට මේ සින්දු හරියන්නෑ කියලා...

මං ශේප් එකේ ෆෝන් එක ගත්තේ බෙස්ටියත් එක්ක චැටක්වත් දාන් ඉන්නවා කියලා...ඒකිත් ඉතිම් ගියානෙ යූ එස් වලට ඒකිගෙ පවුලත් එක්ක මට අම්මියා නැතුව ඉන්න බෑහ් කියලා...අල්ලලා කුක්කු ටිකක් පොවන්න තියෙන්නෙ හරහා දාලා...ඇයි යකෝ...

පපා කිව්වා පාටි එක නිසා ෆෝන් එක ඕෆ් කරලම තියාගන්න කියලා...මං ඉතිම් පපාගෙ හොද දුව නිසා ෆෝන් එක ඕෆ් කරලා වැඩි ආරක්ෂාවට කියලා ඇදන් හිටපු ෆ්‍රොක් එකේ පොකට් එක අස්සට දාගත්තා...කවුරුහරි උස්සන් ගියොත් එහෙම...මගෙ පන ඩිංග නේ ඉන්නේ !!!

හොද වෙලාවට ෆ්‍රොක් එකට පොකට් එකක් අල්ලන්න කිව්වේ...මොකේ උනත් මට අනිවාරෙන් පොකට් එකක් ඕනෙමයි...නැත්තන් නිකන් කෑවෙ නෑ වගේ...

පපා බරටම ජූන් අන්කල් එක්ක කයිය නිසා අය පැය දෙක තුනක් යනකල් මේ පැත්ත හැරිලවත් බලන්නෑ...මං ශේප් එකේ ෆෝන් එක ඔන් කරලා ස්ක්‍රීන් එක යට පැත්තට කරලා කකුල උඩින් තියාගත්තා...බලාගෙන හිටියොත් ඔන් වෙන්න පරක්කු වෙනවනේ....

අය ඉතිම් පාටි එකට එන්න කවුරුත් නෑහ්...දැන් ඉතිම් පටන්ගෙන හුගක් වෙලානෙ...මං ෆෝන් එක ඔබන ගමන් එහෙන් මෙහෙන් ඇහැ යවද්දි දැක්කේ ටේබල් එකකට වෙලා ෆෝන් එකත් ඔබ ඔබ බෝතලයක් හිස් කරන අර හා තඩියව...උගෙ ඇගපත විතරයි...මොලේ කලදක් නෑ...හැබැයි නැත්තෙමත් නෑ ඉතිම්...

අලුතෙන් ක්ලාස් එකට ආවට මොකද උට එක්සෑම් එකට හොදට ලකුනුත් තියෙනවා...උට විතරක් නෙවේ පිස්සු කෙලියට මටත් හොදට ලකුනු තියෙනවා...

ඔය හා තඩියට හෙන ඔලුව...ඌ ඉන්නේ අපිට වඩා අඩිගානක් උඩින්...හිතාගෙන ඉන්නේ හැමදේම පුලුවන් කියලා...පුහ් !

මට උගෙ අලි ඔලුව තමා පෙන්නන්න බැරි...ඔය හා තඩියයි මායි කොයි වෙලේ බැලුවත් රන්ඩු...හේතුවක් නම් මට හිතාගන්නත් බෑ...හැබැයි මට ඕකව පේන්න බෑ...

Sweet As Wine || JJK || Sinhala Where stories live. Discover now