ශෙවානා නතුෂි එදිරිසිංහ
POV:-
"මන් මෙතනින් වාඩිවෙන්නද?" ඇණවුම ලැබෙනකම් චුට්ටකට කල්පනා ලෝකෙක ගිලෙන්න මන් අර අදින්න හදද්දීම ඒකට අකුල් හෙළුවේ තරමක් උස,සිහින්, කඩවසම් තරුණයෙක්.වටපිට බැලුවට පස්සෙයි තේරුනේ අවන්හලේ හැම මේසයක්ම මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින් කියලා. බලාපොරොත්තු පිරිච්ච මූණක් නිසා බෑ කියන්නත් හේතුවක් නැති නිසාම මන් ඔලුව චුට්ටක් දෙපැත්තට හොලවලා සන් කලේ මට ඉස්සරහින් තියන පුටුවෙන් වාඩිවෙන්න කියලා.
ඒ රූපය මගේ මතකෙන් මැකිලා ගිය කාගේමහරි රූපයක් මතක් කරවනවා..
"ලංකාවේ කෙනෙක් හම්බුන එක නම් ලොකු සතුටක්.." ඒ පිරිමි කෙනා කියද්දී මන් ආයෙමත් ලාවට හිනාවුනා. ඒ වෙලේම මගේ ඇණවුම වෙච්ච හොට් චොකලට් මිල්ක් එකයි පෙපර් පීසා එකයි වේටර් කෙනෙක් ඇවිත් මේසේ උඩින් තිබ්බා.
මගේ ඉස්සරහ ඉදන් හිටපු පිරිමි කෙනාගේ අතේ තිබ්බේ ජූස් කප් එකක් විතරයි.
"ඔයා මෙහෙ ජොබ් එකක් කරනවා ද?" එයාව අපහසුතාවයට පත් කරන්න හොඳ නැති නිසා මන් කතාවක් පටන්ගන්න යන චේතනාවෙන් එයත් එක්ක මුලින්ම කතා කරා.
මන් හිතනවා මෙයා චිත්‍රපටිවල වගේ ඉන්න මානසික රෝගයක් තියන දාම ඝාතකයෙක් එහෙම නෙවෙයි කියලා..
"ඔව්.. ලංකාවේ ස්ටඩිස් ඉවර කරලා ඊටපස්සේ මෙහෙට ආවා.. අම්මලත් මෙහෙ ඉන්නේ.." ඒ කටහඬත් හරි හුරු පුරුදුයි.. මන් දන්න කෙනෙක් වත් ද?? අහන්න හිතෙනවා ඒත් අනේ මන්ද.. හිත කියන්නෙම අහන්න එපා කියලා.. මටනම් පිස්සුදත් මන්ද..
"එතකොට ඔයා?" ඔහු මගෙන් පෙරලා ප්‍රශ්න කරා..
"ඔෆිස් එකේ බිස්නස් ට්‍රිප් එකක්.. මට මේ කැෆේ එකට එන්න පුදුම ආසාවක් තිබුනේ ඒකය් මන් යන්න කලින් මෙහෙට ආවේ.."
"ඔයා දන්නවා ද මේකේ විශේෂත්වය?" නැවතත් ඔහු මගෙන් ප්‍රශ්න කලා.
මගේ උත්තරේ 'ඔව්. මන් දන්නවා.'
මට එක්කෙනෙක් මේ කැෆේ එක ගැන හරි ලස්සන කතාවක් කිව්වා."මේක තමයි ශාපලත් ආදරවන්තයෝ මුණගැහෙන තැන..!" මගේ ඔලුවේ දෝංකාර දුන්න වචන පේලිය මට මුහුණලා ඉදන් හිටපු ආගන්තුකයාගේ කටින් පිටවෙද්දී මන් එයා දිහා පුදුමය ගැබ් වුන මූණකින් බැලුවා. එයා මන් දිහා ඒ වෙද්දිත් හිනාවෙවී බලන් හිටියා...
"ඔයාට කව්ද ඒ කතාව කිව්වේ??"
✓𝘀𝘂𝗤𝘂𝗲𝗲𝗻_𝘅𝗶𝗻𝘂𝗴𝘂𝗿𝗹
✓කොහොමද ඔයාලාට?? අන්දොස් කුන්දොස් වුනා වගේ ද?? 😹
YOU ARE READING
ᴍɪᴅɴɪɢʜᴛ ʀᴀɪɴ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»
Short Storyඒකපාර්ශ්වික ප්‍රේමේ හරි ලස්සනයිලු.. අනේ බම්බුව තමයි.!! ✓ᴍɪᴅɴɪɢʜᴛ ʀᴀɪɴ. ✓𝘀𝘂𝗤𝘂𝗲𝗲𝗻_𝘅𝗶𝗻𝘂𝗴𝘂𝗿𝗹