දැන් මෙහෙ වෙලාවෙන් රෑ හතහාමාරයි.. මේ පාරේ බල්ලෙක්වත් නැති තරම්.. දැන් විනාඩි දහයක් තිස්සේ මමයි එයයි කිසිම කතාවක් නැතුව ඇවිදිනවා. එයාට මාව කව්ද කියලා තාම අදුරගන්න බැරුව ඇති. ඒකට කමක් නෑ. මන් එයා වෙනුවෙන් මේ තප්පරෙත් බලන් හිටියට එයා හැමදේම අතැරලා ඉස්සරහට ගිහින්. ඒකනේ ඉතින් ලෝක ස්වභාවය.. හැමදාම එකම දේ ඇලිලා ඉන්න බැහැනේ අපිට..
"ම්ම්හ්.. ඔයා කලිනුත් මේ වගේ නොදන්න අය එක්ක පාරේ ඇවිදලා තියේද? ඔයා සය්කෝ කිලර් කෙනෙක් එහෙම නෙවෙයි නේ?" එයා අහපු ප්‍රශ්නෙට මන් උත්තරයක් විදිහට හිනාවුනා. පිස්සු කියන්නේ නිකන් ද ඉතින්..
තාමත් ඉස්කෝලේ කාලේ වගේමයි.. හෙන මෝඩයි...!!
"මේ පලවෙනි වතාව වගේම අවසන් වතාවත් වෙයි."
"ඇය් ඒ?" එයා අහද්දී මන් ඒ ප්‍රශ්නේ මගාරින්න එයාගෙන් වෙන ප්‍රශ්නයක් ඇහුවා.
"හස්බන්ඩ් එක්ක හුගක් ආදරෙන් ඉන්නවා වගේ නේද?? කොහොමද එයාව හම්බුනේ..?" ඒක එයාගේ හිත ආදරෙන් පුරවන ඒත් මගේ හිත පාරවන ප්‍රශ්නයක් බව මන් හොඳින්ම දන්නවා. ඒත් මට ආසය් දැනගන්න.. එයා කෙනෙක්ට ආදරේ කරන විදිහ ගැන දැනගන්න, මටත් ආසයි.
"අපි මුලින්ම හම්බුනේ මන් ජොබ් එකට ගිය පලවෙනි දවසේ.. එයා වෙන ඔෆිස් එකක මැනේජර් කෙනෙක්. මුලදී නම් අහංකාර නිසා මට එයාව පේන්න බැහැ. ඒත් අනේ මන්ද ඔෆිස් දෙකක වුනත් නිතරම වගේ කොහෙදිහරි අපි දෙන්නා හම්බුනා. අන්තිමට ඉතින් කොහොමහරි... පේනවා නේ.." මට ඇත්තටම ඒක කියපු විදිහ ගැන හිනා ගියා. එයා සතුටින් නම් මට ඇති.
"එතකොට ඔයාගේ වන් සය්ඩඩ් ලව් එක ගැන කියන්නකෝ..?"
"අපෝ ඒක ඇහුවොත් ඔයාට ස්ට්‍රෙස් එක වැඩිවෙලා මැරෙයි." මන් හිනාවෙන ගමන් එයාට එහෙම කිව්වේ ඒ ප්‍රශ්නෙත් මගාරින්න බලාගෙන..
"මගේ හස්බන්ඩ් නෙවෙයි මගේ ෆස්ට් ලව් එක. මට ඉස්කෝලේ කාලේ ලව් එකක් තිබ්බා.."
"....."
"තිබ්බා කියන්නේ මෙහෙමයි.. ඒක තිබ්බෙමත් නෑ. අපි දෙන්නට දෙන්නා දැනන් උන්නා අපි දෙන්නටම අපි දෙන්නා ගැන එව්ව මෙව්වා එකක් තියේ කියලා. ඒත් එයා ඒලෙවල් කරද්දී වගේ මගෙන් ඇවිත් ඇහුවා යාලුවෙන්න. මන් එවෙලේ එයාව රිජෙක්ට් කලා.."
එයාට මාව රූපෙන් අදුනගන්න බැරි වුනත් එයාගේ මතකේ තාම මන් ඉන්නවා!!
"එව්වා මෙව්වා එකක් තිබ්බනම් රිජෙක්ට් කලේ ඇය්?"
"ඒ කාලේ ගෙදර ප්‍රශ්න හුගක් තිබුනා. සුරංගනා ලෝකෙන් බැහැලා හිතුවොත් එයත් එක්ක සම්බන්දයක් පටන් ගන්න තරම් හය්යක් මට තිබුනේ නෑ. ගෙදර අයගේ බලාපොරොත්තුව වුනේ මන් හොඳ තැනකට ඇවිත් එයාලව බලාගනිය් කියන එක. ඉතින් මන් බයවුනා එයත් එක්ක සම්බන්දයක් පටන් අරන් මට මොනාහරි ප්‍රශ්නයක් ඇතිවේවි කියලා."
"ඊටපස්සේ?"
"ඊටපස්සේ ඉතින් මන් කැම්පස් යද්දී එයාව හැමතැනම වගේ හෙව්වා. ඒත් එයාගේ යාලුවෙක් කිව්වේ එයා මෙහෙ ආවා කියලා."
"ඊටපස්සේ?"
"ඊටපස්සේ ඉතින් මන් එයා වෙනුවෙන් අවුරුදු ගානක් බලන් හිටියා. පස්සේ මට මගේ හස්බන්ඩ්ව හම්බුනා. මට එතකොටයි තේරුනේ අපිට එකම දෙයක් බදන් ඉන්න බැරි බවක්. අද එයාගේ උපන්දිනේ.. අර කලින් කැෆේ එකේදී.. මන් බලන් හිටියේ එයා ඒවි කියලා."
"එයා එනවා කියලා කිව්වද ඉතින්?"
"....."
✓𝘀𝘂𝗤𝘂𝗲𝗲𝗻_𝘅𝗶𝗻𝘂𝗴𝘂𝗿𝗹
✓ඕතරිගේ ලව් ස්ටෝරි එකක් එහෙම අහන්න ආස නැද්ද ඔයාලා?? 😼
YOU ARE READING
ᴍɪᴅɴɪɢʜᴛ ʀᴀɪɴ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»
Short Storyඒකපාර්ශ්වික ප්‍රේමේ හරි ලස්සනයිලු.. අනේ බම්බුව තමයි.!! ✓ᴍɪᴅɴɪɢʜᴛ ʀᴀɪɴ. ✓𝘀𝘂𝗤𝘂𝗲𝗲𝗻_𝘅𝗶𝗻𝘂𝗴𝘂𝗿𝗹