"ඔයාලා දන්නවද අර ඉස්කෝලේට ආපු අලුත් සල්ලි කාර කොල්ලා ගැන "
"ඔව් අනේ එයා මාරම ලස්සනයි "
"හෙන ලොකුකම නේද? ගණන් ගන්නෙවත් නෑ "
"ඒ උනාට අපේ සබාපතිට ගහන්න ඔය අලුත් ආව අයට බැ "
"ඔව් මේ ඉස්කෝලේ ලස්සනම කොල්ලා xiao zhan ඒක කොහොමටවත් වෙනස් කරන්න බැහැ "
ගැහැණු ළමුන් පිරිසකගේ කතා බහක් සොරෙන් අසා සිටියේ යිබෝයි.
"Zhan.....සබාපති.. එකත් ශිෂ්‍ය සංගමේ...holy Shit...එතකොට එයාගේ නම xiao zhan ද?"
.
.
.
.
එදින සියලු නවක සිසුන් ක්‍රීඩා පිටියට කැදවුයේ අද සවස පවත්වන welcome party ඒක පිළිබද දැනුවත් කිරීම සදහයි.,
එත් ඒ නිල් පාට ඇස් නම් ගොඩක් කලබලෙන් සොයමින් හිටියේ වෙන දෙයක්.
ඒ වෙලේ ඔහු දැක්කේ ඔහු වෙත ඒක එල්ලේ බලාගෙන සිටින ඇස් දෙකක් ඒ ඇස් ඉතා තියුනු ආකාරයට තමාගේ ඇග හරහා යන බව යිබොට දැනිනි.
ඇස් ඉවතට නොගනිමින් ඔහු වෙත zhan පැමිණ නතර වුවාය."Wang yibo මන් හිතන විදිහට ඒක නේද ඔයාගේ නම, අද හවසට අනිවාර්යෙන්ම පාර්ටි එකට එන්න "
එසේ කියා zhan යන තුරුම yibo ඒක තැනම හිටගෙන හිටියේ මොකක්ද ඒ උනේ කියලා හිතාගන්න බැරුව. ""අම්මෝ yibo ඔයා යන්නේ පාටියකට කියලා ෂුවර්ද?ඔයා නිකන් අන්ධ දිනයකට යන්න වගේනේ "එසේ පවසමින් මහා හඩින් හිනා වුයේ කුවාන්ය.
"බොරුවට කතා හදන්නේ නැතුව ඉන්න අයියේ ඔයත් වෙලාවට එහා ගෙදර නාකි නැන්ද වගේ, ඇයි අප්පා "
"හරි හරි විහිළුවක් කරේ ඇවිලෙන්න එපා ගිනිගනී වාහනේ එක්කම "
Yibo ශාලාවට ගොඩවුවත් ඔහුගේ ඇස් සෙව්වේ වෙනත් දෙයක් "
"Omg zhan ගගා අම්මෝ එයාගේ ලස්සන"
"අම්මෝ දෙවියනේ දැන්නම් මට පිස්සු හැදෙන්න යන්නේ "
"එයා බලාගෙන ඉන්නේ මන් දිහාද කොහේද?"ගැහැණු ළමුන්ගේ කැ ගැසීම් නිසා yibo ගේ අවදානය යොමු උනේ වේදිකාව උඩටයි වේදිකාව උඩ තිබු කළු පැහැ නෙත් යුගලක් ඔහු දෙසම බලා සිටින බව yibo දැක්කේ ඒ වෙලේ.
"සුබ සන්ද්‍යාවක් සියලු දෙනාටම, මන් හිතනවා ඔයාලා මේ අලුත් ජිවිතේට හුරු වෙලා මේ වැඩ ටික හොදට කරගනී කියලා. එහෙනම් ඔයාලා හැමෝටම ඉතුරු දවස් හොදින් සතුටින් ගත කරන්න පුළුවන් වෙන්න, සාදය හොදින් රස විදින්න සුබ පැතුම් "
එසේ කියා zhan වේදිකාවේන් බැස ගිය පසු ශාලාව අදුරුව සාදය පටන් ගැනිනි.
"ඇයි ඇයි zhan ගාගා ඔයා ඔච්චර ලස්සන."
" අනික මට ඔයාව හුගක් හුරුයි වගේ දැනෙනවා ඔයා කව්ද? මන් මීට කලින් ඔයාව දන්නේ නෑ කියලනම් විස්වාසයි."
"ඔයා කියවන්නේ මන් ගැනද?"
ශාලාවෙන් පිටතට පැමිණි මදුවිත තොල ගාමින් සිටි yibo වෙතට පැමිණියේ zhan ය.
ඒ කටහඩින් ගැස්සී ගියේ yibo zhan ගැන කල්පනා කරමින් සිටි නිසයි."නෑ... මේ... නෑ මන් මේ.....'"
"නෑ... ඔව්.. මොකක්ද yibo ඔයා කියන්නේ?"
එසේ කියමින් ටිකින් ටික zhan yibo ට ලං විය. මේ මොහොත වෙන කෙනෙක් බලා සිටියොත් අනිවාර්යෙන් එය දකින අය සිතන්නේ මොවුන් දෙදෙනා ආදරවන්තයින් කියායි.zhan ඉදිරියට එන ඒක නැවැත්තුයේ යිබෝ ගොස් අසල ඇති ගසක හේත්තු වීමත් සමගයි. ඉතා සෙමින් යිබෝ ගේ තොල් වෙතට පහත් වූ
Zhan ඉතා ලං වත්ම yibo ඇස් පියා ගත්තේ ඇයි දැයි ඔහුටත් සිතා ගත නොහැකි විය
"Yibo ඔයා කතා කරේ මන් ගැන කියලා මන් දන්නවා මොනාද මන් ගැන ඔච්චරටම හිතන්න තියෙන්නේ?"Yibo ගේ කනට මුමුනමින් zhan ඇසුවේ දැස් පියාගන සිටි yibo ගැස්සී දැස් ඇරියේ ලැජ්ජාව මෙන්ම දැනුනු තරහින් zhan ව ඔහු වෙතින් තල්ලු කරමින්. මොහොතක්වත් එහි රැදී නොසිට yibo නිවසට පැමිණ කල්පනා කරේ අද සිදු වූ දේ ගැනයි.
"Holy Shit... මන් ඒ මොකක්ද කරේ මන් එයාව සිපගන්නද ගියේ?"
"මගෙ ඔලුව zhan... Zhan.... Zhan... මට පිස්සු වගේ තමුසේ කව්ද? මගෙ ඔලුව....තව ටිකකින් මන් මොනාද ඒ කරන්නේ "
YOU ARE READING
†මරණයේ සෙල්ලම†Game Of Death† ( On Hold)
Ужасыකෙනෙක්ට පුළුවන්ද තවත් මනුස්සයෙක් මැරෙන වෙලාවක් හරියටම දැනගන්න. ඔව් පුළුවන්., එත් බේරගන්න...........