" නේ ජන්කුක්ෂි මට පුළුවන්..."ජන්කුක්ගෙ සන්සුන් වචන එක්ක තරමක් බය නැති වුණ ජිසු හිනාවක් එක්ක කියනකොට ජන්කුක්ගෙ මුණෙත් හිනාවක් ඇඳුනේ ජිසුගේ මුණේ තියන හිනාව දැකලා. ඒත් ජිසුගේ හිත අමුතු බයකින් ගැහෙන්න ගන්නෙ ජන්කුක් හැමවෙලෙම තමන්ට 'සූ' කියලා අමතන නිසා.
' ඇයි එයා මට සූ කියලා කියන්නේ?. මගේ නම ජිසුනෙ.'
ජිසුගේ හිත කොච්චර ප්‍රශ්ණ කරත් උත්තරයක් නම් හම්බුනෙ නෑ. ඒ ප්‍රශ්නෙට උත්තරෙ තියෙන්නේ ජන්කුක් ළඟ විතරක්ම නිසා.
" Thinking out loud මගේ ෆෙවරිට් අපි ඒකට ඩාන්ස් කරමු සූ..."
වෙන සිහියක හිටිය ජිසු ගැස්සිලා පියවි සිහියට ආවෙ ජන්කුක්ගෙ හඩ එක්ක.
" නේ ජන්කුක්ශි..."
හිනාවක් එක්ක හිස වැනු ජිසු අඩියක් ජන්කුක් ළඟට ලංවුණා.
" මට රෝමැන්ටික් ඩාන්ස් එකක් ඕනේ සූ. මොකද මන් නටන්න ඉන්නෙ මන් මැරි කරන්න ඉන්න කෙනා එක්ක නිසා සූ...."
ජිසු ළඟට ආව ජන්කුක් අමුතු තාලෙකට වචන කිව්වේ ජිසුගේ හද ගැස්ම වැඩි කරලා.
" නේ ජන්කුක්ෂි... "
එහෙම කිව්ව ජිසු ජන්කුක්ගෙ එක අතක් අල්ල ගත්තෙ ජන්කුක් ජිසු අල්ලන් ඉන්න තමන්ගෙ අත දිහා සතුටෙන් බලන් ඉන්නකොට.
' ඔයාගෙ එක ස්පර්ශයක් ඇති ප්‍රින්සස් මගේ හැඟීම් අව්ස්සන්න.'
ජිසුගේ ඇස් දිහා බලන් ජන්කුක් තමන්ටම කියා ගත්තා.
" ජන්කුක්ශි ඔයාගෙ වම් අත මගේ ඉණෙන් තියා ගන්න දකුණු අත මගේ වම් අත එක්ක පටල ගන්න..."
ජිසු ජන්කුක්ගෙ වම් අත අරගෙන ඉණෙන් තියාගෙන දකුණු අත එයාගේ වම් අත එක්ක පටල ගන්නකොට ජන්කුක් බලන් හිටියෙ කෙල්ලගේ සැරින් සැරෙ ගැස්සෙන ඇස් දිහා. යුංගි, ජීබින් ඇර කෙල්ලගේ ශරීරේට මේ වෙනකන් පිට පිරිමියෙක්ගෙ ස්පර්ශයක් ලැබිලා නෑ. මේ වෙනකන් කෙල්ල ට්‍රෙන කෙනෙක් විදිහට පිරිමියෙක්ව පුහුණු කරලත් නෑ.
ඒත් ජන්කුක්, ජිසුගේ ඇගට අත තිබ්බ පළමු පිටස්තර පිරිමියා වුණා!
YOU ARE READING
FAKE LOVE <||JJK||> ONHOLD
Fanfictionවෛරයෙන් උමතු වු තරුණයෙක්.... ආදරෙන් උමතු වු තරුණියක්.... Fake Love 💔 අතීතේ සිදු වු යම් සිදු වීමක් නිසා වේදනාවෙන් පෙළෙන ඔවුන්ගේ කතාවයි මේ.... START- 2023.08.27