🎀 Episode 07 🎀

14 1 3
                                    

ඉතින් ඔය විදියට දවස් දෙක තුනක් දන්නෙම නැතුව ගෙවුනේ ගොඩක් ලස්සනට.

ඉතින් අදත් lunch එක අරන් ඉවරවෙලා මීසු එයාගෙ රූම් එකට ගියා. එතකොට ජිමිනයි මමයි හිටියෙ living room එකේ..

_ට්‍රීං....ට්‍රීං....ට්‍රීං....._

ඒවෙලාවෙ ජිමිනාගෙයි මගෙයි කතාවට බාධකලේ අපේ දොරේ බෙල් එක. ඉතින් මම ඉදපු තැනින් නැගිටලා ගියේ දොර අරින්න.

දොර ඉස්සරහ හිටගෙන හිටියෙ ගෑනු ළමයෙක්. එයා හිටියේ දොරට පිටුපාලා නිසා මම එයාගෙ මූන දැක්කේ නෑ.
ඉතින් දොර ඇරියත් ඒ කෙල්ල මේ පැත්ත හැරෙන පාටක් නැති නිසා අන්තිමට මමම කතා කරා.

" *අහම්..අහම්...* "

ඊටපස්සෙ ඉතින් කෙල්ල මගේ පැත්තට හැරුනා.. හැබැයි ඒවෙලාවෙ කෙල්ල මාව දැක්කා විතරයි කෙල්ලගෙ ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් වෙලා කටත් නිකන් බෙංගාල බොක්ක වගේ ඇරුනා.. ඉතින් විනාඩි ගානක් දොර ලඟ අපි එහෙම හිටගෙන හිටියා. මම හිතන්නෙ කෙල්ල මාව දැකලා ෆුල් කන්ෆියුස් වෙලාද කොහෙද..? ඒත් ඉතින් එහෙමෙයි කියලා ජීවිතකාලෙම මෙහෙම හිටන් ඉන්න පුලුවන්ද ඒක නිසා මම ආයෙත් මගේ සුමියුරු හඩ අවදිකලා.

" *Excuse me...ඔයා කාව හම්බවෙන්නද..?* "

" *අම්...මේ..මේ......මේ...*

අනේ පව් අප්පා කෙල්ල ශොක් උන පාරට වචනත් පැටලෙනෝද කොහෙද..
නම්කිට වතුර වීදුරුවක් දෙන්නද..?🥲

" *මේ.....මීසු....මම..එයාගෙ යාලුවා..* "

" *ආහ් මේ මියාද..?* "

" *නේ...* "

" *එන්න ඇතුලට* "

ඉතින් මම මියාවත් එක්කගෙන ගේ ඇතුලට ගියා. කොහොමහරි එදා තමා මම දැනගත්තෙ අපේ ජිමිනාටත් කෙල්ලක් ඉන්නවා කියල. ඒ වෙන කවුරුවත් නෙමෙයි මියා.

බලන්න ළමයි මම මූට මගේ හැම රහසක්ම කිව්වා. ඒත් මූ මට කලේ මෙහෙමයි. මිත්‍රත්ද්‍රෝහියා...😫🤧

කොහොමින් කොහොමහරි එදා රෑ මමයි ජිමිනයි kitchen එකට ගියේ මියාට කෑම හදන්න උදව් කරන්න කියලා. ඒත් ඉතින් කෙල්ල කැමති උනේ නෑ අපි එයාට උදව් කරනවට. ඒක නිසා අපි දෙන්නා එතන තිබුන ටේබල් එක උඩ වාඩිවෙලා මියා එක්ක එයාගෙ army life එකෙයි අපේ මේ journey එකෙයි ලස්සන මතකයන් බෙදාගත්තා.

Blind LoveWhere stories live. Discover now