1 කොටස

29 7 0
                                    

Nimsahya's pov

"පුතා මෙහෙ එන්න තාත්තා කතා කරනවා"

"එනවා අම්මා"

උදේම තාත්තා කතාකරනවා කියන්න මොකක් හරි බාල්දියක් තමයි.ලඟදි මොනවත් තාත්තා බනින්න තරම් කළේ නෑ නේ. ඕනි මඟුලක් ගිහිල්ලම බලනවා.

" ආ ආවද ඉලන්දාරියා"

මොකක්ද යකෝ මේ වෙන්නේ අද ඉර කොයි පැත්තෙන්ද පෑව්වේ ? තාත්තා හරියට හිනාවෙලා කතා කරන්නේ. එන පොට හොඳ නෑ වගේ.

" ඇයි තාත්තේ කතා කළේ" ඔය මොනවා කිව්වත් අපිනං සැලෙයි. ඔයා මගේ තාත්තා නම් මම ඔයාගෙ පුතා හරිය.

" මේකනෙ පුතා ඔයාට මතකද අර මගේ යාළුවා සිරිල් අංකල්ව?" අපොයි මට මතක නැත්තේ මොකද. ඔය යකා තමයි අර පරණ කෞතුකවස්තු ගැන මට කියලා මාව කොහොමහරි පුරාවිද්‍යාත්මක පරීක්ෂකයෙක් කරන්න ගියේ. මොනව නැතත් මිනිහා හොඳ මිනිහා. ඔය මනුස්සයට පින්සිද්ද වෙන්න තමයි මම සාමාන්‍ය පෙළට ඉතිහාසය A පාස් එකක් දැම්මේ.

" ඔව් මතකයි තාත්තේ.ඇයි මොකද උනේ"

" මේකයි පුතේ ඒ අංකල්ලට මොකක්ද කැනීමකට ඔය කොහෙද යන්න ඕනිලු. එකට යන්න පමිෂන් ගන්න ඕනිනම් එයාලගේ ටීම් එකට Doctor කෙනෙක් ඕනිලු. ඒත් සිරිල් අංකල් කැමැති නෑ වෙන කව්රුවත් මේකට ගන්න. පුතා ඔයාට පුලුවන්ද මිනිහා එක්ක ගිහිල්ලා උඩව්වක් දෙන්න."

මොන පරිප්පුවක් ද මේ ? යකෝ මේ මිනිස්සු මට අව්රුදු 20 ක් වෙනකම් ගෙදරින් තනියම එළියට බහින්න දුන්නේ නෑ. දැන් මොකක්ද මේ කියන්නේ?

" තාත්තේ ඔයා මට කියන්නේ ඔයටත් යන්න පුලුවන්නේ? ඔයත් doctor කෙනෙක්නේ. ඇයි මට කියන්නේ ?"

" පුතා ඔයා දන්නවනේ අපි ඔයාව පරිස්සම් කළේ කොහොමද කියලා
පොඩි කාලේ ඉදලා. ඒත් අපිට ඉස්සරහට එහෙම කරන්න අමාරුයි. අපි දැන් වයසයි. සිරිල් අංකල් මේ ගමන යන්න තව හේතුවක් තියෙයි.එක එතනට ගියාම කියයි. ඒත් මේ ගමන ඔයා යන්නම ඕනි. මට ඔයාගෙන් බෑ කියන උත්තරේ ලැබෙන්න බෑ. මොකද මේක ඔයා යන්නම ඕනි"

මට තාම හිතාගන්න බෑ තාත්ත මොනවද දවල් කිව්වේ කියලා.මේවා හිතලා මගේ ඔලුව රිදෙනවා. ඕනි මඟුලක් ගිහිල්ලාම බලනවා.

Next day

" පුතාට තාත්තා කිව්වාද අ යන දිහාව."

" නෑ අංකල්. මම මේ ඔයාව හම්බවෙන්න හෙත්තුවත් ඔය ගමන ගැන දැනගන්නමයි"

" හොඳයි පුතා. කලබල වෙන්න එපා අපි මේ ගමන යන්නේ .........

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

ඔයැයිලා හිතන්නේ කොහේ කියලද? මාමනම් දන්නේ නෑ හොඳේ ඉතුරු ටික කියවන්න ඉක්මනට අප්ඩේට් දෙන්නම් හොඳේ........

BLOODY ROSES Where stories live. Discover now