22... විසි දෙවැනි හීනය... 🪷

2.6K 446 558
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️........

කෙසේ හෝ දහවල් දෙකයි තිහ පමණ වන විට මනෝජ් පිටත්වුනේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
කෙසේ හෝ දහවල් දෙකයි තිහ පමණ වන විට මනෝජ් පිටත්වුනේය .... ඔහුගේ ගමන වෙනුවෙන්ම දවසක නිවාඩුවක් දැමූ දුමාල් එපාට්මන්ට් එකට ගියේය .... දුමාල්ගේ අඩුවත් සමඟ ඉතින් අනෙක් කාර්මික ශිල්පීන් කාර්යබහුල වෙන්නට පටන් ගත් අතර දවස සෙමෙන් සෙමින් ගතවී ගොස් තිබුනි ...

වෙලාව සවස හතරට ආසන්න වී තිබුනි....

" ලොක්කා  ගිනි පිඹ පිඹ මේ පැත්තට එනවා ....."

රාජන් පැකින් එකේ සිට ඇවිත් හැමෝටම ඇසෙන්නට කීවේය ....ලොක්කාගේ ගිනි පිඹීමට හේතුව දන්නා මෙනිත් නම්  යටි සිතින් සිනාසෙමින්......

අපිනං තෙමෙයි වැස්සට .......

යැයි හිතින් මිමිණුවේය ......

**

මීට හරියටම විනාඩි තිහකට පමණ පෙර මිස්ටර් රසල් මෙනිත් සොයාගෙන ආවේය .....

" මෙනිත්.... ටෙක්නීෂියන් පැත්ත විතරක් නෙවෙයි ඔයාගෙ කොලිෆිකේෂ්න් වල it සයිඩ් එකත් ලියලා තිබුනා...."

  ඒ මොහොතේ මෙනිත් සිටියේ මැකෑනික් රූම් එක තුලයි...ටානිත් කුමක් හෝ රාජකාරියකට සෙක්ෂන් එකට ගොස් සිටි නිසා රූම් එක තුළ සිටියේ ඔහු සහ මිස්ට රසල් පමණකි...

" ආ....ඔව් සර්.......මම අවුරුදු දෙකක් ජොබ් එක කලේ ඒ සයිඩ් එකෙන්....."

" අහ්......අපේ ලොක්කගෙ රූම් එකේ කම්පියුටර් වල පොඩි රෙපෙරාර්ස් ටිකක් තියෙනවා ...ඉතින් සර් මට කිව්වා මගේ ළඟ ඒ සම්බන්ධව නොලේජ් එකක් තියෙන කවුරුහරි ඉන්නවනම් එවන්න කියලා.... මම ඉතින් ඔයාගේ ෆයිල් එක පොඩ්ඩක් අරගෙන බලනකොට තමයි ඕක දැක්කෙ.... අද සෙනසුරාදා උනාට කොහොමත් දවසම වැඩනේ.... මේ ඩබල් ඔටි පාරක් දාගන්නත් එක්ක නයිට් එකක් ඇදලා ඒටික ෆික්ස් කරමුද......"

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now