WHAT DID I DO ??

35 6 0
                                    

Do hee pov

මට හැමදේම හරිගස්සන ඕනි උනා...අව්රුදු 3ක් මන් මගෙ අහින්සකීව තනියම දාලා ගියා..ඒත් තවත් එයාව තනිකරන්න ඔනිකමක් මට නැ.. මන් දැන් හැමදෙම පටන් ගන්න ඔනි..එ නිසා ආයෙ මන් සෝල් වලට යනවා...

ඔව් මන් සෝල් වල නෙමෙ ඉන්නේ..මන් ඩේගු වල ඉන්නේ..එදා වෙච්ච අනතුරෙන් පස්සෙ මන් ඩේගු වලට ආවා...ඒ ගැන යූනාවත් දන්නෙ නෑ..පව් එයා..මන් නැතුව අව්රුදු 3ක් හිටියා..මන් එක්ක තරහා වෙලාද දන්නෙත් නැ..

උදෙන්ම මන් සෝල් වලට ආවා...ඩේගු වලින් උදෙම්ම පිටත් උනාට සෝල් වලට එද්දි ටිකක් හවස් උනා..මන් කෙලින්ම ගියේ අපි ඉස්සර ජිවත් උනු ගෙදරට..මන් හිතුවා හරි යූනා තාම ඉන්නේ අපි පොඩි කාලෙ ඉදන් ජීවත් වුනු අපාර්ට්මන්ට්...ඒත් එයා අපාර්ට්මන්ට් උන්නෙ නැ...මන් ගාව තිබ්බ අපාර්ට්මන්ට් අමතර යතුරෙන් මන් අපාර්ට්මන්ට් දොර ඇරග්න ඇතුලට ගියා...

අපාර්ට්මන්ට් එක ඉස්සර තිබ්බා වගේමයි... බිත්තියේ එල්ලලා තිබ්බ ෆෝටෝ වලින් මට තේරුනා..යූනා සාරා එක්ක මේ අපාර්ට්මන්ට් එකේ නැවතිලා ඉන්නේ කියලා...මොකක් හරි කමක් නැ එයා හොදින් නම්...

ඊට පස්සෙ මන් ගියේ මගේ රූම් එකට...එකේ දැන් ඉන්නෙ සාරාද කොහෙද...ඒත් එක්කම මට ඇහුනා වාහනයක් එන සද්දයක්...මන් ජනේලෙන් බැලුවා...

අනේ දෙයියනේ ඒ ජන්කුක් 😐 ඒහ් ඒහ්...ටේගේ අප්පාගෙ දකුණු අත...පොර හොද එකෙක් උනත් එච්චරම හොද නැ...එකට ඉස්කොලෙ ගිය උන් දැන් මාෆියා කාරයෝ වෙලා..අනේ දෙයියනේ..කොච්චර දේවල් වෙනස් වෙලාද..

මන් ඩේගු වල ඉන්න කාලෙ ටේ ගැන හෙව්වා...එකතකොට මට හැමෝම ගැන දැනගන්න පුලුවන් උනා... අනේ කුකී ඔප්පා ඔයා දැන් ගොඩාක් හැඩිදැඩි පිරිමියෙක් වෙලානේ 🥺

මට ඒ කාලෙට ආයෙ යන්න තිබුනා නම් කියලා හිතුන වාර අනන්තයි දෙයියනේ..අපි කොච්චර නම් සතුටින් හිටියාද🥺 මේ දේවල් ගැන කල්පන්නා වෙද්දි මගෙ පපුව පිච්චෙනවා වගේ..

මන් කල්පනා ලෝකෙ ඉන්න අතරදී අපාර්ට්මන්ට් එකේ දොර හයියෙන් වැහුනා..මන් හිතන්නෙ ඔය අපෙ පොඩි එකී...ඒකිට තරහා ගියාම ඔහොම තමා 🥲😂මන් රූම් එකෙන් එලියට එද්දි ඒකි හයියෙන් කෑගහනවා ඇහිලා හිනාවකුත් ගියා මට...තාම ඉස්සර වගේමයි 🥺

Do You Remember me ? Where stories live. Discover now