Episode 22

63 5 11
                                    

මේ වෙලාවේ ජන්ග්කුක් හිටියෙ පීඩීගෙ ඉස්සරහ වාඩි වෙලා ඇහෙන දේවල් විශ්වාස කර ගන්න බැරුව.

PD- මට කරන්න දෙයක් නෑ ජන්ග්කුක්. ඔයත් එයාගේ වරදට හවුල් වුන එකයි මට හිතාගන්න බැරි. ඔයත් හොඳටම දන්නවානෙ මේක ඇතුලේ ට්‍රේනින් වෙන අයට සම්බන්ධකම් තහනම් බව. ඔයාටත් මේකට දඬුවම් දෙන්න වෙනවා. කෝච් කෙනෙක් ඉන්න ඕනෙ තමන්ගේ තත්වේ තියාගෙන. ඒකයි මං ඔයාවයි, හනාවයි මේකෙන් අයින් කරන්න තීරණය කලේ. ඔයාලාගෙ තමයි වැරැද්ද. අර හියා මේක කම්ප්ලේන් නොකරා නම් මං මේක දැන ගන්නෙත් නෑ.

පීඩී ඒ එක්කම ජන්ග්කුක් ට ෆෝන් එකේ තිබ්බ දේවල් ටිකක් පෙන්නුවා.
හියා ගැන කියනකොටම ජන්ග්කුක් ට දෙයක් මතක් වුනා. එදා තමන්ව කිස් කරන්න හදලා හනාගෙන් බැනුම් අහපු කෙල්ල තමයි හියා. ඒ තරහාට හියා ඒ දෙන්නා එකට ඉන්න ෆොටෝස්, වීඩියෝස් අරන් තමයි මේ ගැන පීඩීට ඔප්පු කරේ.

Jk- ඔයා කියන්නේ හියා ගැනද පීඩී.😏 ඔය කෙල්ල හොඳයි කියලාද හිතන්නේ? ඔය කෙල්ල ඕක කලේ හනා එක්ක තියෙන ඉරිසියාවට. දවසක් නින්ද ගියපු වෙලාවක ඔය හියා මාව කිස් කරන්න ගිහින් හනාගෙන් බැනුම් අහපු තරහාට තමයි ඕක කලේ.

ඒ වේලාවේ තමයි ජන්ග්කුක් ට ජිමින්ගෙ කෝල් එක ආවේ.

Jk- හෙලෝ......

Jimin- හනා නෑ. හනාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. මං හනාව හොයන්න යනවා. පුළුවන් ඉක්මනට එන්න.

Jk- මොනවා!😳 මං ඉක්මනට එන්නම්.

ඒක අහලා කලබල වුන කොල්ලා ,

Jk- මං දැන් යනවා. මගේ රස්සාව නැති වුන එකට දුකක් නෑ. ඊට වඩා මට හනා වටිනවා. මං ආපහු එන්නෙත් නෑ.

කියලා ඉක්මනට එතනින් දුවගෙන ගියේ හනාට කෝල් ගන්න ට්‍රයි කරන ගමන්. පැත්තකට වෙලා ඕක බලන් හිටපු හියා අඩි පොළවෙ හැප්පුවෙ එයාගේ ප්ලෑන් එක නිසා ජේකේ ව ජොබ් එකෙන් අයින් කරපු හින්දා දැනුන තරහාට. එයා ඔහොම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. දැන් එයාට කොහොමත් ජන්ග්කුක් ට ලං වෙන්න බෑ.



                                   💕💕💕💕💕💕💕



තමන්ගේ දිනුම නිසා සතුටින් ඉන්න සනාට සිද්ධ වුනා තව යාලුවෝ කිහිප දෙනෙකු ට ක්ලබ් එකට ගිහින් පාටියක් දෙන්න. හනාට මේක කියන්න සනා හිටියෙ ඉවසීමක් නැතුව. අන්තිමට සනා  කෝල් ගන්න එක නතර කළේ හනා බිසී ඇති කියලා. සනා මූණ ටිකක් හෝද ගන්න කියලා වොශ් රූම් එකට ගියා. එයාට මතක කවුරු හරි එයාගේ මූණට ලේන්සුවක් තියලා තද කරා කියලා විතරයි.

Stolen love💔❤️(Jk ff)Where stories live. Discover now