හායි බබාල,අද කොරියාවෙ සීතල එක්ක ඔයාලට අලුත් පරිච්ඡේදයක් අලුත් කතාවක් ලියන්න හිතුන මට. එදා ලංකාවෙ තනිකඩ සෙලක්කාර දඩබ්බර ඒ වගේම ගොඩක් සරල වගකීම් නැති කෙල්ලෙක් විදිහට ජීවත් වුණ මං අද වෙද්දි කොරියාවෙ ජීවත් වෙන සුන්දර පිරිමි ආත්මයක බිරිදක් විදිහට වගකීම් සහිත ගැහැණියක්. සතුට දුක දෝලනය වෙන ජීවිත ගමනෙ තවත් Fiction එකක මුවාවෙන් මගේ ජීවිතෙන් ඔයාලගෙ ජීවිත වලට දශමෙක තරම් දෙයක් ගන්න දෙයක් තියෙනව නම් ඒ වෙනුවෙනුයි මම අකුරු එකතු කරන්නෙ.
මගේ ජීවිතේ උන වෙනස්කම් එක්ක ඔයාලට ලියන්න ගොඩක් පරක්කුයි ඒකට සමාවෙන්න මට. අද ඉදල අනිවාර්යයෙන්ම මම ඔයාල වෙනුවෙන් ආයෙමත් ලියනව.
මේ තමයි මගේ ජීවිතේ පළවෙනියටම හිම දැක්ක දවස♥️ මේ ගෙවෙන දවස් වලට මම හරිම ආදරෙයි බබාල. හිතනව ඔයාල හැමෝම හොදින් කියල.කියන්න දේවල් නම් ගොඩයි අපි හිමින් කතා කරමු!
ප්ලොට් එක නම් හදල ඉවරයි කියන්නකො බලන්න ඔයාල කියවන්න ආසම දැන් මොන වගේ කතාවක්ද කියලත්.
එදා වගේම අදත් ඔයාලට මම ආදරෙයි!
මම ඕතර් මින්~♥️