Tae's Prov ;
මහ සාගරේ කොච්චර නම් ලස්සනද ගැබුරුද කියල හිතන අපිට එක තැනකදි අමතක වෙනව මහ සාගරය කොයි තරම් නම් භයානකද කියල. මං හිතන්නෙ මටත් ඒ වෙලාවෙදි එහෙම උනා. ඒත් ඒ ඇත්ත මම දන්නව. මම හොදටම දන්නව එයා කොයි තරම් නම් නපුරුද කියල.
ගොඩක් මහන්සි උන දවසක අවසානෙ මම නතර උනේ මගේ අපාර්ට්මන්ට් එක තියෙන තැනට එහා තියෙන පුංචි ඇළ ගාව. වතුර ගලාගෙන යන සද්දෙ මගේ හිතට නිවනක් ගෙනාව.ඉදගෙන හිටපු තද දුඹුරු ලී බංකුවෙන් නැගිට්ටල මම අඩි දෙක තුනක් ඉස්සරහට ගියා. සීතල කාලෙ පටන් ගත්ත නිසා හමාගෙන යන හුළගත් හරිම සීතලයි.මගේ මූණට ලාවට වැටුන මලානික ඉර එළියත් සීතල හුළග නිසා වේළුනු මගෙ තොලුත් නිසා මම තීරණය කළා ආයෙමත් කාමරේට යන්න.මම කිම් ටේහ්‍යොන් අවුරුදු 22ක ටිකක් ඇට්ටර ළමයෙක් පොඩි කාලෙ ඉදලම.ඒත් දැන් මම තරම් නිහඩ කෙනෙක් තවත් නම් නැතුව ඇති. අපි හැමෝම කතා කරන්න ආසයි.ඒත් ඒ අපිව අහන් ඉන්න කෙනෙක්ට. ඒත් මට මාව අහන් ඉන්න කෙනෙක් තාම හොයා ගන්න බැරි උනා.අනාත නිවාසෙන් ආව දවසෙ ඉදන්ම ජීවත් වෙන්න මහා ලොකු වෙහෙසක් ගන්න උන මම අද ඉස්පිරිතාලෙක සාමාන්‍ය සේවකයෙක්.හැම මනුස්සයෙකුටම වගේම මටත් මගේම කියල හීනයක් බලාපොරොත්තුවක් තියෙනව. මැරෙන්න කලින් විදින්න ආස ජීවිතයක් තියෙනව. ඉතින් කවුරුවත්ම නැති මම මං වෙනුවෙන් මහන්සි වෙනව. මම වෙනුවෙන් නොමැරී මැරෙනව. මගෙ හීන , බලාපොරොත්තු වෙනුවෙන් මහ හුගක් දේවල් දරාගෙන ඉන්නව.
හවස හය උනත් නොවැම්බර් කියන්නෙ කොරියාවට සීතල පටන් ගන්න කාලෙ නිසා ගොඩක් කළුවර වැටිල.හරියට මගෙ ජීවිතේ වගේම.මෙච්චර අන්ත අසරණ තත්වෙක ඉන්න මම ආදරේ කරන්නෙ කාටද කියල ඇහුවොත් ඔයාල හැමෝම පුදුම වෙයි. දන්නවත් ඒ කවුද කියල! ඒ තමයි ජියෝන් ජන්කුක්!
හායි බබාල අද ඉදන් අප්ඩේට් දෙන්නම් මම.ඔන්න කතාවට මම ආරම්භයක් ගත්ත. කතාව ඇතුළෙ මම මගේ ජීවිතේ සමහර තැන් ගළපනව.කිසිම දෙයක් නැති හිස් අතක් ජීවිතේ දිනන ආදරේ විදින විදවන හැටි එක්ක මොන දේ වුනත් අපි ආස ජීවිතේ වෙනුවෙන් අපි වෙනුවෙන් හුස්ම ගන්න මම ඔයාලට තවත් බලාපොරොත්තුවක් මේ කතාවෙන් එකතු කරනව.වෙනස් විදිහකට වෙනස් කතාවක් ලියන්න බලාපොරොත්තු වෙනව වෙනද වගේම. එහෙනම් ඉතින් කවුද මේ අපේ ජන්කුක් එතකොට ?! හිතන්නවත් බැරි ending එකක් අනිවාර්යයෙන් දෙනව.අමතක උනා මේ උඩ කතාවෙ තියෙන ඇළ වගේ ම ඇළක් කොරියාවෙ අපි ඉන්න අපාර්ට්මන්ට් එක ළගත් තියෙනව බබාල. අනේ මං හරි ආසයි එතනට!
මේ මම කොරියාවට ආව දවසෙ එතනට ගිහින් ගත්ත පළවෙනිම 4to එක.
මම ආදරෙයි ඔයාලට♥️
Author Min💜