Chapter 10

76 13 20
                                    


ජන්ග්කුක් හිටියේ ඒ වෙලාවෙ නම් එයා ගේ ගෙදර ඇතුලේ.. නෝවට වගේ ම වියෝනටත් බැන බැන ජන්ග්කුක් ගෙදර එහෙ මෙහෙ ඇවිද්දා..

දඩාං.. ජන්ග්කුක් ගේ පොත් ටික බිම..

" ආශ්.. මං ජිමින් හියුන් එක්ක ගිය එකයි වැරදි.. "

තමන් ගේ වැරදි ගැන පසුතැවී තැවී ජන්ග්කුක් කොණ්ඩෙන් ඇද ගත්තා.. එයා දන්න තරමින් එයාගේ නූනා මේ තරම් වෙලාවක් ගන්නේ නෑ ගෙදර එන්න..

වෙලාව රෑ දහයටත් කිට්ටුයි.. කෝල් කරත් ෆෝන් එක උස්සන්නෙත් නෑ.. ජන්ග්කුක් බය වුණේ ඒ නිසයි.. කරදරයක් ද..

හෝව් හෝව් එහෙම බයවෙන්න මේ අතීතේ නෙවෙයි.. වියෝනට මොකක් හරි කරදරයක් නම් ජන්ග්කුක් මේ වෙනකොට ඒ ගැන දැන ගෙන.. ඒත් වියෝනා කොහෙ ගිහින් ද.. ජන්ග්කුක් ට තිබ්බ ප්‍රශ්නේ ඒක..

නියුරලින්ක් වලින් සම්බන්ධ වෙන්න හැදුවත් ඒකත් කරන්න බෑ.. වියෝනා ජන්ග්කුක් ව බ්ලොක් කරලා..

" ආයිශ්.. "

ජන්ග්කුක් ආයෙම කෑ ගැහුවා.. ඒත් එක්කම දොර ඇරුනේ වියෝනා ඇතුලට එනකොට..

" කොහෙද මෙච්චර වෙලා හිටියේ.. "

වියෝනා දැක්ක ගමන් ජන්ග්කුක් කෑ ගහලා ඇහුවත් වියෝනා කිසිම දෙයක් කිව්වේ නෑ.. මුකුත් ම නොකියා එයා කාමරයට ගියේ ජන්ග්කුක් ව අන්ද මන්ද කරලා..

මොකක් හරි ප්‍රශ්නයක් නම් කෑ ගහලා රණ්ඩු වෙලා ඒවා විසඳන වියෝනා අද ගොඩක් නිහඬව ඉන්න කොට ජන්ග්කුක් ට ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක් වුණා..

" නූනා.. "

ජන්ග්කුක් කෑ ගහගෙන කාමරේ ඇතුලට ගියත් වියෝනා ඒ වෙනකොටත් හිටියේ වොශ් රූම් එකේ.. ඉතින් ඒ නිසා ආයෙමත් හැරුණු ජන්ග්කුක් ඇවිත් බිත්තියට තදින් පාරක් ගැහුවා..

" සර් ජන්ග්කුක් "

නෝවා එකපාරටම හයියෙන් කිව්වේ ජන්ග්කුක් ගේ පහර එයාගේ සෙන්සර්වලට දැනුන නිසා..

" ආශ්.. මං වගෙ මෝඩයෙක්.. "

ජන්ග්කුක් දත් මිටි කෑවා.. එයාට එයා ගැනම තරහයි.. එයාගේ නූනා ඒ විදිහට ඉන්නවට එයාගේ ටූටී පොඩ්ඩක් වත් කැමති නෑ..

|| FOURTH WORLD WAR ||Where stories live. Discover now