![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. විශ්වවිද්යාල වර්ෂාර්ධය ගෙවී ගිහින් අදට කාර්තුවකුත් ගත වෙලා..කාලය කෙතරම් නම් වේගවත්ද? මට හැඟුනේ එහෙම. තැනින් තැන කඩතොළු වූ, රෝමානු ක්රමයට සැකසුණු පටු සරසවි මාවත දිගේ ඉදිරියට ඇදෙන මගේ සිතැඟියාව ඒ ඔස්සේ අතරමං වෙලයි තිබුනේ..නැවත නැවතත් අතීතයට යන්න පොර බදින මගේ ඒ සිතට මං ඒ මොහොතේ තදින්ම වෛර කළා...දෑස් අඟ නලියන කදුළු කැට හිර කරගෙන මං බැලුවේ මේපල් ගහ යට තියන ඕක් ලී බංකුව දිහා.ඔව්! මා හැම මොහොතකම බලාපොරොත්තු වූ ඒ කඩවසම් රුව, සුපුරුදුපරිදිම එහි සංසුන් ලීලාවෙන් හිඳගෙන සිටියා.
ඒ ඔහු! හිමිනොවන බව දැන දැනත් මේ ලෝකයේ මා සිතින් ආදරය කළ එකම මිනිසා! ඔව්! ඔහු යෝලන් ග්රේස්.මුළු විශ්ව විද්යාලයම වසඟයට ගත්ත ගැඹුරු නිල් ඇස් වල හිමිකාරයා...
"හියුෆ්!!" හදීසියේම මා දැක ඔහු හඩ නඟමින් කතා කරා. "ඇයි උඹ අද දේශන වලට ආවේ නැත්තේ ?"
සුපුරුදුපරිදිම ඔහුගේ ප්රශ්න වලට ප්රථමයෙන් සිනාමුසුව පිළිතුරු දුන් මා, අනතුරුව ඔහු අසලින්ම හිඳ ගත්තා.මට දැනුනේ සැහැල්ලුවක්.
සැබවින්ම එකම වයසේ පසු වූ අප දෙදෙනා විශ්ව විද්යාලයේ අධ්යයන පීඨ දෙකක ශිෂ්යයන් දෙදෙනෙකු උනා. ඔහු මානවශාස්ත්ර පීඨයේ ඉගෙන ගනිද්දී මා විද්යා පීඨයේ ඉගෙනුම ලැබුවා. එහෙත් ඉරණම විසින් අප දෙදෙනාව කෙසේ හෝ මුණ ගස්වා තිබුනා. හරිම අහඹු විදියට.
"අපේ අවසාන අධ්යයන විභාගයත් ලඟයිනේ යෝලන්. ඉතින් මං ගියා පුස්තකාලයට.. ඇරත් මම තාම මගේ පර්යේෂණ නිබන්ධනය ලියලා ඉවර කරලත් නැහැ. " දෑත මත වූ ලිපිගොනුව ඔහුට පෙන්වමින් මා මෘදු හඩින් පැවසුවා.

YOU ARE READING
MAPLE (BL) ✓
Nouvellesඒ ගැඹුරු නිල් ඇස් දිහා බලාගෙන මං තාමත් අහනවා,ඇයි මට බැරි ඒ මේපල් ගහ වගේ වෙන්න? 🚫𝘿𝙤 𝙣𝙤𝙩 𝙘𝙤𝙥𝙮 𝙢𝙮 𝙬𝙤𝙧𝙠🚫 ©𝘼𝙡𝙡 𝙧𝙞𝙜𝙝𝙩𝙨 𝙧𝙚𝙨𝙚𝙧𝙫𝙚𝙙