#එක_දවසක_අපි
Tales from Waste Land
(මෘදු විද්යා ප්රබන්ධ කතාව.)එය වෙනත් ඕනෑම දිනයක් මෙනි.සාමාන්ය ලෙස සාමාන්ය දිනයක් විය. සුදු කඩදාසියක් මත ඇඳි සෘජු රේඛාවක් මෙන් වෙනස් නොවන සාමාන්ය ජීවන රටාවේ තවත් එක් දිනක් විය. හෝරා යන්ත්රය ටික් ටික් ගාමින් හැල්මේ දිව ගියේය. නිල නොලත් කාල සටහන අනුව ඉබේම ක්රියා කිරීමට මගේ සිරුර දැන් හුරුව තිබුනේය.
නිල් පැහැති යෝධයෙකු වැනි පෘථිවිය මා පසුපසින් නැගී සිටියේය.
(Orbit කක්ෂගත යානය )
ඊට පිටුපා මම ඕර්බිට් කක්ෂගත යානයේ වහලය මත සෘජුව සිටගෙන සිටියෙමි. මගේ අතැඟිලි දිගු පිත්ත වටා තදවී තිබුනි. මම ස්විචයක් ක්රියා කරවද්දී එය තවත් අඩි කිහිපයක් දිගු විය. එවිට නොසෙල්වෙන ධජයක් බඳු දැළ මදක් සෙලවුනේය.
අභ්යවකාශ සුන්බුන් අතර ඉබි ගමනින් පාවී එන කුඩා අභ්යවකාශ කුමුදුව වෙත මගේ දෙනෙත් තරයේ යොමුව තිබුනි. " වරෙන් පුතා ! " මම මිමිණුවේ නොයිවසිල්ලෙනි. මගේ හුස්ම හිස් ආවරණයේ මීදුමක් මෙන් බැඳෙන්නට විය. මොහොතකින් සියුම් ගුමු ගුමුවක් නගමින් හීටර් ක්රියාත්මක වූවේය. මම කිසිදා නොදුටු මීදුම මේ ආකාර බව මට කියා දුන්නේ මගේ සීයා ය." ඒක පේන තරම් හෙමින් එන්නෙවත්, පේන තරම් පොඩි එකක්වත් නෙමෙයි... ඔයා ඒක දන්නවා ! " මට තාත්තාගේ උපදෙස් ඇසෙන්නට විය.එහෙත් ඒ හඬ සැබෑවක් නොවේ . මෙම ගගනගාමී ඇඳුමේ රේඩියෝ උපකරණ ක්රියා විරහිත වී බොහෝ කල් ය. ඇත්තෙන්ම මම එය කිසි දිනක භාවිතා කර නොමැත. මගේ ගගනගාමී ඇඳුම කුණු ගොඩකි. කිසිවක් කෙදිනකවත් නියමාකාරයෙන් ක්රියාත්ම වූවේ නැත. තාත්තා තවත් ඇඳුමක් සකසා නිම කිරීමට ආසන්නයේ සිටියේය. එය මීට වඩා හොඳ වේ යැයි අනාවැකි කීමට මම ඉක්මන් නොවෙමි.
YOU ARE READING
එක දවසක අපි - BL - Short novel - Completed
Science Fiction" එක දවසක අපි අපගේ සිහිනයට පියඹා යමින් සිටින්නෙමු..."