එක දවසක අපි - 02 කොටස
මෘදු විද්යා ප්රබන්ධයමගේ කුස පෙරෙළෙන්නට විය. මගේ අත් පා බර රහිතව සැහැල්ලුවෙන් පා වෙමින් තිබුනි. දිය තලයක පිහිණන විට දැනෙන හැඟීම මේ යැයි සීයා මට වරෙක පැවසුවේය. මම ඊට ආශා කලෙමි.
මගේ සිතුවිලි නිදහස් ව තිබුනි.
මුළු කුටීරයේම වූ සැහැල්ලු සහ බර ද්රව්ය පාවුනේය. බඳුන් වලින් පිටතට හැළුණ අප්රසන්න කොළ තලප අපේ හිස් වලට ඉහලින් පාවෙමින් තිබුනි. බැටළුවෙක් මගේ සිරුරේ ගැටී ආහාර යන්ත්ර දෙසට පා වී ගියේය.දෑත් දෙපසට දිගු කරමින් අම්මා ඒ දෙසට පිහිනා යන්නට උත්සාහ කලාය.
සීයා එයින් විනෝද වූවේ කුඩා දරුවෙකු මෙනි." මගුලෙ ගුරුත්වාකර්ෂණේ... මගුලෙ... " තාත්තාගේ දෙතොල් බැණ වැදුනේය. ඔහු ශාප කරමින් සිටින බව මට කියවිය හැක. ඔහු යන්ත්රය වෙත පිහිනා යාමට වෙර දරමින් සිටියේය. " නයිජල්... ඇවිත් මට උදව් වෙනවා...! " . ඔහු මොර ගානා ආකාරය මම කියවූවෙමි. මම හැකිතරම් වෙර යොදා පිහිණා ගොස් තාත්තාව යන්ත්රය දෙසට තල්ලු කලෙමි.
" පොළවෙ හිටියා නම් නයිජල් හොඳ පිහිණුම් කාරයෙක් වෙයි ! " සීයා අත් පොළසන් දෙන්නට උත්සාහ කරමින් පවසන ආකාරය මට පෙනෙයි. කුමක් හෝ අවිනිශ්චිත කාර්යයක් කල තාත්තා ලීවරයක් පහතට අදිත්ම යානයේ ගුරුත්වාකර්ෂණය යථා තත්වයට පත් විය. ඒ සමගම සියල්ල පහතට කඩා වැටුනි. ප්රෝටීන් තලප පාදාසයක් සහ පිඟානක් මගේ හිස මතම පතිත වූ අතර අම්මා බැටළුවා මතට පතිත වී සිටියාය . පුටුවක කකුලක් බිඳී ගිය අතර සීයාගේ පිට කොන්ද හොඳ හැටි බිම ඇනෙන්නට ඇත !
" මේකට හිටපු ගමන් මොකක් වෙනවද දන්නෙ නෑ...! " අම්මා පැවසුවේ යළිත් ගෙබිම සේදීමට සිදුවීම නිසා උපන් කෝපයෙනි.
YOU ARE READING
එක දවසක අපි - BL - Short novel - Completed
Science Fiction" එක දවසක අපි අපගේ සිහිනයට පියඹා යමින් සිටින්නෙමු..."